Image

සාහිත්‍යධරයෙකුගේ නික්ම යෑම

සාහිත්‍යධරයෙකුගේ නික්ම යෑම

ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ වසර තිස් හයක් වාසය කළ ශ්‍රී ලාංකික ද්විභාෂික සාහිත්‍යධරයෙකු වූ සුනිල් ගෝවින්නගේ තම දිවි ගමන අද  උදෑසන නිමකර ඇති බව මෙසේ ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි.

සුනිල් ගෝවින්නගේ කවියෙකි, කෙටිකතාකරුවෙකි, නවකතාකරුවෙකි, සාහිත්‍ය විචාරකයෙකි. ඔහු විසින් ලියා පළ කර ඇති සාහිත්‍ය නිර්මාණ (මා දන්නා පරිදි) මෙසේ ය.

1. Black Swans and Other Stories (Short story collection), 2002

2. White Mask: New Australian Poems (Anthology of poems), 2004

3. මතක දිවයින (කාව්‍ය සංග්‍රහය), 2006

4. මතක පිළිරැව් (කාව්‍ය සංග්‍රහය), 2007

5. මතක මාවත (කාව්‍ය සංග්‍රහය), 2009 (ගොඩගේ සාහිත්‍ය සම්මානය, 2010)

6. Perth: My Village Down Under (Anthology of poems), 2011 ගොඩගේ සාහිත්‍ය සම්මානය, 2011)

7. Sunburnt Home (Novel), 2011

8. සුදු වෙස් මුහුණ සහ තවත් කවි (කාව්‍ය සංග්‍රහය), 2012

9. The Black Australia (Novel), 2012

10. පර්ත් ගමට පායන සඳ (කාව්‍ය සංග්‍රහය), 2012

තිරසර සංවර්ධනය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකු වූ සුනිල් ගෝවින්නගේ මේ දක්වාම බටහිර ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලයේ සේවය කළේ ය.

"පර්ත් ගමේ සුලු කවියා" ලෙස තමන්ව හඳුන්වා ගත් සුනිල් ගෝවින්නගේ නිරතුරු සාහිත්‍යකරණයේ යෙදීම මෙන්ම සිංහල විගාමික සාහිත්‍යයේ වර්ධනය උදෙසා ද කටයුතු කළේ ය.

සුබ ගමන් මිතුර.

සටහන -Rasika Harischandra Suriyaarachchi

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න