ලොව ම වසඟ කළ චීන සංස්කෘතික උළෙල

ලොව ම වසඟ කළ චීන සංස්කෘතික උළෙල

මෙවර ද චීන සාම්ප්‍රදායික අවුරුදු උදාව පිළිගත්තේ චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කළ අලංකාර වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගයකිනි.

1983 වසරේ සිට චීන මාධ්‍ය සමූහය සෑම වසරක ම නව වසර උදා වන මොහොතේ මෙම කලාත්මක ප්‍රසංගය පවත්වන අතර එය ලොව වැඩිම පිරිසක් සජීවීව නරඹන රූපවාහිනී වැඩසටහන ලෙස ද වාර්තා අතරට එක් වන්නේ ය.

china1

නව අවුරුදු උදාව පිළිගනිමින් මෙවර පැවැත්වුණ ප්‍රසංගය ලොව පුරා 200 කට අධික රටවල් සහ කලාපවල මාධ්‍ය ආයතන 3000කට ආසන්න සංඛ්‍යාවක් ඔස්සේ විකාශය කෙරුණි. එමෙන්ම CGTN ජාලයේ ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි, රුසියානු නාලිකා සහ භාෂා 82 ක මාධ්‍ය වේදිකා ද සම්බන්ධ වී එම ප්‍රසංගය විකාශය සහ වාර්තා කිරීම සිදු කෙරුණි.

මෙවර වසන්ත උත්සව ප්‍රසංගයට චීන නැටුම් ගැයුම්, ඔපෙරා, සටන් කලාවන් මෙන්ම අපූරු මානවරූපි රොබෝ නර්තන වැනි විශේෂාංග  ද එක් කර තිබුනේ චීන සංස්කෘතියේ අනන්‍ය චමත්කාරය විදහා දක්වමිනි.

rob1

 

දිනූෂි ධීරසිංහ - චීන මාධ්‍ය සමූහය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න