ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙඩි තැබීමක් : 12ක් මරුට

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙඩි තැබීමක් : 12ක් මරුට

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බොන්ඩි වෙරළේ පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද (14) පස්වරුවේ සිදු කළ වෙඩි තැබීමකින් මියගිය ගණන 12ක් දක්වා ඉහළගොස්, තුවාල ලැබූ සංඛ්‍යාවද 29ක් වී තිබේ. මියගිය පුද්ගලයන් අතර වෙඩික්කරුවෙකුද සිටී.

වෙඩි තැබීම සිදුකළා යැයි සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමට සමත් වූ බවත් 50 වතාවක් පමණ ඔවුන් සිය ගිනිඅවි වලින් ජනතාව දෙසට වෙඩි තබා ඇති බවත් නිව් සවුත් වේල්ස් පොලිසිය පැවැසුවේය.

හනුක්කා නම් දින 8 ක පැවැත්වෙන යුදෙව් උත්සවයක ආරම්භක දින රාත්‍රියේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

සැකකරුවන් ළමයින් සහ වැඩිහිටියන් කියා භේදයකින් තොරව සියලු දෙනාටම වෙඩි තැබූ බව සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් පොලිසියට සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබේ.

වෙඩිතැබීමට පැමිණි වෙඩික්කරුවෙකුගේ නම හෙළිවෙයි

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ එරට වේලාවෙන් අද (14) පස්වරුවේ සිදුවූ වෙඩිතැබීම් මාලාවට අදාළව කරුණු රැසක් හෙළිකර ගැනීමට නිව් සවුත් වේල්ස් පොලීසිය මේවනවිට සමත්ව තිබේ.

ඒ අනුව මෙම ප්‍රහාරවලට සම්බන්ධ වූ එක් වෙඩික්කරුවෙක් සිඩ්නි නුවරට නිරිතදිග ප්‍රදේශයේ පදිංචිව සිටි නවීඩ් අක්‍රම් නම් අයෙකු බව මූලික විර්ශනවලදී හෙළිකරගෙන ඇත.

කෙසේ නමුත් එම පුද්ගලයා පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයාද, නැතහොත් අත්අඩංගුවේ පසුවන පුද්ගලයාද යන්න පිළිබඳ සඳහන් කර නොමැත.

වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කළ අතර, ඉන් එක් අයෙකු එම ස්ථානයේදීම මියගියේය.

අනෙක් පුද්ගලයාද බරපතළ තුවාල ලබා පොලිස් අත්අඩංගුවේ පසුවේ.

සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කෙරෙන බවද නිව් සවුත්වේල්ස් පොලිසිය පවසා සිටියි.

මුලාශ්‍රය :

Hanukkah shooting at Australia's Bondi Beach that killed at least 11 deemed a terrorist attack

Sydney Bondi Beach Mass Shooting: 12 Killed, 11 Critically Injured in Suspected Terror Attack

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න