2013 ට පසුව පැවැත්වෙන මලයාසියානු මහ මැතිවරණයේ ජන්ද විමසීම මේ වන විට ආරම්භවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම මැතිවරණයේ ප්‍රධාන තරගකරුවන් ලෙස සිටින්නේ අග්‍රාමාත්‍ය නජීබ් රසාක් සහ එරට විපක්ෂ නායක මහතීර් මොහොමඩ් ය.
කෙසේ වුවත් විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටින්නේ එරට පවතින දේශපාලන පසුබිම තුළ නිදහස් හා සාමකාමී මැතිවරණයක් පිළිබඳ විශ්වාසයක් තැබීම දුෂ්කරව ඇති බවය.