Language Switcher

V2025

හින්දු DON චෝටා : දිවි ඇතිතෙක් හිරේ

ඉන්දියාවේ සිටි ගවේෂණ මාධ්‍යවේදියකු වූ ජ්‍යොතිර්මෝයි දේයි 2011 වසරේදී ඝාතනය කිරීම සම්බන්ධව වරදකරුවෙකු වූ ඉන්දීය කුප්‍රකට පාතාල නායක චෝටා රාජන් වෙත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට මුම්බායි අධිකරණය කටයුතු කර ඇත.

ජ්‍යොතිර්මෝයි ඝාතනයෙන් පසුව චෝටා ඉන්දුනීසියානු බාලි දිවයිනට පළාගොස් සිට ඇති අතර 2015 දී ඉන්දුනීසියානු බලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කොට ඇත.

ජ්‍යොතිර්මෝයි මාධ්‍යවේදියාගේ ඝාතනය සිදුවන විට ඔහු පාතාල නායකයින් පිළිබඳ ග්‍රන්ථයක් සඳහා තොරතුරු රැස්කරමින් සිට ඇති අතර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ චෝටාගේ නියෝග මත යතුරු පැදි දෙකකින් පැමිණි පාතාල සාමාජිකයන් ජ්‍යොතිර්මෝයිව වෙඩි තබා ඝාතනය කර ඇති බවය.