ඉන්දියාවේ නව ජනපති ද්‍රෞපදී මුර්මු

ඉන්දියාවේ නව ජනපති ද්‍රෞපදී මුර්මු

ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ද්‍රෞපදී මුර්මු තේරී පත්වී තිබේ.

දේශපාලනඥයකු මෙන්ම ගුරුවරියක ද වන ද්‍රෞපදී මුර්මු භාරතීය ජනතා පක්ෂ සාමාජිකාවක් වන අතර 2015 සිට 2021 තෙක් කාලයේ ජර්කාන්ද් ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කර තිබේ.

64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු, ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක් වන අතර ඉන්දීය ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක ජනාධිපති ධුරය ට පත්වීම ඉන්දීය දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික ගතවන සිදුවීමකි.

ඉන්දීය ජානාධිපතිවරණය ආරම්භ වූයේ පසුගිය 18 වැනිදා වන අතර ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද (21) සිදුවිය.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොව, පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්දයෙනි. ඉන්දීය ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකි. ද්‍රෙෘපදී මුර්මු ලබන 25 වැනිදා ජනපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

ඉන්දීය ඉතිහාසයේ ප්‍රතිභා පාතිල්ගෙන් පසු ඉන්දීය ජනාධිපති ධුරය කාන්තාවකට හිමිවුණු දෙවැනි අවස්ථාව මෙය වන අතර ප්‍රතිභා පාතිල් ඉන්දියාවේ 12 වැනි ජනාධිපතිවරයා වූ අතර ඇගේ ධුර කාලය පැවැතියේ 2007 සිට 2012 දක්වාය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න