නයිගර් රාජ්‍යයේ වෙඩි තැබීමකින් 58ක් ජීවිතක්ෂයට

නයිගර් රාජ්‍යයේ වෙඩි තැබීමකින් 58ක්  ජීවිතක්ෂයට

නයිගර් රාජ්‍යයේ සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 58 දෙනෙකු ජීවිතක්ෂයට පත්වඇතැයි වාර්තා වෙයි.

මාලි දේශසීමාව ආසන්නයේයි මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර, වාහන 04 කින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් ටිලාබෙරි නම් ප්‍රදේශයේ රැඳී සිටි පුද්ගලයන් ඉලක්ක කරගනිමින් ප්‍රහාරය එල්ල කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු කණ්ඩායමක් මෙතෙක් වගකීම භාරගෙන නොමැති අතර, මේ වන විට නයිගර් රාජ්‍යයේ ජිහාඩ්වාදී කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම ඝාතන හේතුවෙන් රට තුළ දින 03ක ශෝක කාලයක් නිවේදනය කිරීමට නයිජර් පාලකයින් ක්‍රියාකර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න