Language Switcher

V2025

යුද්ධයෙන් මෙන්ම සහන සේවයෙනුත් බැට කන සිරියානු කතුන්

සිරියානු යුද්ධයට මැදිව සිටින කාන්තාවන් එරට ක්‍රියාත්මක ආධාර සපයන කණ්ඩායම් වෙතින් ලිංගික සුරාකෑමට ලක්වන බව BBC ලෝක සේවය පවසයි.

ඔවුන් පවසන්නේ එක්සත් ජාතීන්ගේ සහ වෙනත් ජාත්‍යන්තර පුණ්‍යායතන මගින් ලබාදෙන ආධාර බෙදාදීම බාරව සිටින කණ්ඩායම් කාන්තාවන් මෙලෙස ලිංගික සුරාකෑමට ලක් කරන බවයි.

ආධාර ලබාදෙන සේවකයන් BBC වෙත පවසා ඇති පරිදි ඇතැම් කාන්තාවන් තමන් ආධාර ලබාගන්නේ ලිංගික අල්ලස් ලබාදීමෙන් පසුව යයි සැක කළ හැකි බැවින් ආධාර බෙදා දෙන මධ්‍යස්ථාන වෙත යාමට මැළිකමක් දක්වයි.

Voices from Syria 2018 වාර්තාව

"Voices from Syria 2018" නමින් නිකුත්කළ වාර්තාවට අනුව පිරිමින්ගේ ආරක්ෂාවක් නොමැති එනම් විශේෂයෙන් වැන්දඹුවන්, දික්කසාද කාන්තාවන් සහ සරණාගත තත්ත්වයට පත් කාන්තාවන් සහ ගැහැණු ළමුන් වැඩි වශයෙන් ලිංගික සුරා කෑම්වලට ගොදුරුවේ .

සිරියාව තුළ ක්‍රියාත්මක ආධාර කණ්ඩායම්ආවල සේවය කරන නියෝජිතයින් ආහාර සහ වෙනත් ආධාර ලබාදීම සඳහා ලිංගික අල්ලස් ලබාගන්නා බවට මෙහි දැක්වේ.

සිරියාවේ දකුණු දිග ප්‍රදේශයේ මෙය බහුල ලෙස සිදුවන බව පැවසේ.

2015 වසරේ පළමු සිදුවීම

සිරියානු යුද්ධය අශ්‍රිතව අසරණ වන කාන්තාවන් ලිංගික සුරාකමට ලක්වන බව පළමු වරට අනාවරණය වූවේ 2015 මාර්තු මාසයේදීයි. එහිදී ජෝර්දානයේ සරණාගත කඳවුරක දිවිගෙවන සිරියානු කාන්තාවන් පිරිසක් පවසා තිබුනේ සරණාගත කඳවුර බරව සිටින පාලකයින් ආධාර ලබාදීම සඳහා ලිංගික අල්ලස් ලබාගන්න බවයි.

ඒ පිළිබඳ ලෝකයට අනාවරණය කළ මානුෂිය උපදේශක ඩැනියෙලා ස්පෙන්සර් පවසන්නේ ආහාර, සබන් වැනි මුලික අවශ්‍යතා පිරිමසා ගැනීමට යාමේදී අවම වශයෙන් කුමන හෝ ආකාරයේ ලිංගික හැසිරීමක යෙදීමට ඔවුන්ට බල කෙරී ඇති බවයි.

ජෝර්දානයේ සිදුවීමට මාස කිහිපයකට පසු ජාත්‍යන්තර බේරුම් කමිටුව (IRC) සිරියාවේ ගිනිකොන දිග පිහිටි නගර දෙකක් වන Dara සහ Quneitra හි කරන ලද සමීක්ෂණයේදී එම ප්‍රදේශවල වෙසෙන කාන්තාවන්ගෙන් සියයට 40 ට ආධාර ලබාගැනීමේදී ලිංගික සුරකාමට ලක්වන බව අනාවරණය වී තිබුණි .

එක්සත් ජාතිනුත් නිහඬයි

සිරියාවට සපයන ආධාර නිසිපරිදි සරණාගත පුද්ගලයන්ට ලැබෙන බව නිරීක්ෂණය කිරීමට සහ ඒ පිළිබඳ පැමිණිලි ලබා ගැනීමට ආධාර සපයන ආයතන නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ. නමුත් සිරියාවේ ඒ ආශ්‍රිතව සිදුවන ලිංගික සුරාකෑම සම්බන්ධ පැමිණිලි ලබාගැනීමේ ක්‍රමවේදයක් තවමත් ක්‍රියාත්මක කර නොමැත.

"Voices from Syria 2018 වාර්තාව මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය , The charity Care වැනි ආධාර සපයා සංවිධානවලට මේ පිළිබඳ නොසළකා හැරීම පිළිබඳ චෝදනා කර තිබේ.

මෙයට පිළිතුරු වශයෙන් එක්සත් ජාතීන්ගේ සහ වෙනත් පුණ්‍යායතන සඳහන් කර තිබෙන්නේ එවැනි අපයෝජනයක් හෝ අනවශ්‍ය හැසිරීමක් පිලිබඳ තොරතුරු වාර්තා නොවන බවයි.

සමහර ජාත්‍යන්තර ආයතන මේ පිළිබ සැඟවීමට හේතුව ලෙස සඳහන් වන්නේ ආධාර ලබාදීම සඳහා යුධ කලාපයට ඇතුළුවීමට විදේශීය නියෝජිතයින්ට අවසර නොමැති හෙයිනි. එම ආයතනවලට ආධාර බෙදාදීම සඳහා තුන්වන පාර්ශවයක සහය ලබාගැනීමට සිදුව ඇති බව පැවසේ.