Image

පුත්තලම දිස්ත්‍රික්කයේ මූලික සහ ප්‍රාදේශීය රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිරීක්ෂණයට!

පුත්තලම දිස්ත්‍රික්කයේ මූලික සහ ප්‍රාදේශීය රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිරීක්ෂණයට!

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ හදිසි ප්‍රතිකාර සේවා (ETU) සවිබල ගැන්වීමට  සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

එම වැඩපිළිවෙලට සමගාමීව වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ මූලික සහ ප්‍රාදේශීය රෝහල්වල මෙන්ම ප්‍රාථමික සත්කාර ඒකක වල හදිසි ප්‍රතිකාර සේවාවන්හි වත්මන් ක්‍රියාකාරීත්වය පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ නිරීක්ෂණයට ලක්විය. ඒ අනුව කල්පිටිය, මාරවිල, ආනමඩුව යන මුලික රෝහල් සහ පුත්තලම දිස්ත්‍රික් මහ රෝහලෙහි හදිසි ප්‍රතිකාර සේවා කටයුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිරීක්ෂණය කරන ලදී. හදිසි ප්‍රතිකාර  සේවාවන් හි මානව සහ භෞතික සම්පත් සංවර්ධනය  පිළිබඳව ද එහිදී අවධානය යොමු කරන ලදි.

හදිසි ජීවිතාරක්ෂක සත්කාරය (Emergency Life Support - ELS) මාර්ගෝපදේශයට අනුගතව ප්‍රාථමික සෞඛ්‍ය සේවාවෙහි හදිසි ප්‍රතිකාර සේවා සවිබල ගැන්වීමෙි කටයුතු  සිදු වන අතර, හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ පවුල් වෛද්‍යවරුන්ගේ සංගමය ඊට අදාළ කටයුතු සම්පාදනය කරයි.

මෙරට සෞඛ්‍ය සේවාවේ සියලු සෞඛ්‍ය ආයතන තුළ ප්‍රමිතිගත හා එකම ක්‍රමවේදයකට අනුව හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිකාර සේවා ලබාගැනීමට පැමිණෙන සියලු ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම මෙම සියළු වැඩකටයුතු වල මුලික අරමුණයි.

ඉහත නීරීක්ෂණ අවස්ථාවන්ට  පුත්තලම දිස්ත්‍රික්කයේ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. ප්‍රමිතා ශාන්තිලතා, හලාවත දිස්ත්‍රික් මහා රෝහලේ අධ්‍යක්ෂ විශේඥ වෛද්‍ය සුමිත් අත්තනායක, පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිමුත් පොන්වීර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  අධ්‍යක්ෂ (පුහුණු) (Director - Training) වෛද්‍ය සමන්ත ප්‍රභාත් රණසිංහ, පුත්තලම මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ලසිත මලලසේකර, මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය සදමාලි කුරේ, මාරවිල මුලික රෝහලේ විශේඥ ශල්‍ය වෛද්‍ය නිමන්ත විජේරත්න ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

 

WhatsApp Image 2026 08 26 at 6.40.18 PM

WhatsApp Image 2026 08 26 at 6.40.21 PM 1

WhatsApp Image 2026 08 26 at 6.40.20 PM

WhatsApp Image 2026 08 26 at 6.40.21 PM

දීප්ති විජේතුංග -  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්   

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න