Image

මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවට ලක්වූ උපපොලිස් පරීක්ෂක අගෝස්තු හත තෙක් රිමාන්ඩ්

මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවට ලක්වූ උපපොලිස් පරීක්ෂක අගෝස්තු හත තෙක් රිමාන්ඩ්

අපරාධකරුවන් සමග සබඳතා පවත්වමින් නීතිවිරෝධී ආකාරයෙන් බැංකු ගිණුම්වල මුදල් ගිණුම්ගත කර, එම මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව මත අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් වැඩ තහනම් කරන ලද උපපොලිස් පරීක්ෂකවරයෙකු ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (30) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මොට්ටිආරච්චිගේ මහිරු ප්‍රමෝද් නමැති වැඩ තහනමට ලක්ව සිටින උපපොලිස් පරීක්ෂකවරයෙකි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලද්දේ ඊයේ (30) දහවල් කාලයේ දී ය.

මෙම සැකකරු උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින්, සැකකරුවන්, පැමිණිලිකරුවන්, විත්තිකරුවන් සහ අපරාධ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් සමග සබඳතා පවත්වමින් නීතිවිරෝධී ලෙස මුදල් ගිණුම්ගත කර මුදල් විශුද්ධිකරණය කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න