Image

කුමාරතුංග මුනිදාස 139 වන උපත් සමරුව සහ 'කුමාරතුංග මුනිදාස සිසුවරම' අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය

කුමාරතුංග මුනිදාස 139 වන උපත් සමරුව සහ 'කුමාරතුංග මුනිදාස සිසුවරම' අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය

පසුගිය 25වන දා: කොළඹ 7, ලක්ෂ්මන් කදිරගාමර් ආයතන පරිශ්‍රයේ දී රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමිපාණන් ගේ මූලාසනයෙන් පැවැති මේ උලෙළේ දී 2024 වසරට අදාළ ව 'කුමාරතුංග මුනිදාස සිසුවරම' අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය අතිඋත්කර්ෂවත් ලෙස සිදු කළේ ය.

එහි දී 2023 වසරට අදාළ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ දී 'සිංහල භාෂාව හා සාහිත්‍යය' විෂයයට දිවයිනෙන් ම වැඩි ම සම ලකුණු ලැබ ශිෂ්‍යත්වය දිනාගත් ගාල්ල, සංඝමිත්තා බාලිකා විදුහලේ අමීෂා සකුණි සිසුවිය සහ මාතර, සාන්ත තෝමස් උසස් බාලිකා විදුහලේ සුහන්සා සුබාති බැද්දෙගමගේ සිසුවිය අදාළ සහතික පත්‍ර: අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව අතින් ලබාගත්තේය.

මේ ශිෂ්‍යත්වයට ඉමහත් අගයක් එකතු කරමින් අද දෙරණ ආයතනය මගින් ටැබ්-පරිගණක පිරිනැමුණු අතර ජාතික ඉතිරිකිරීම් බැංකුව මගින් රු. 50,000ක් වටිනා ඉතිරිකිරීමේ තැන්පතු පිරිනමන ලදී. මේ දරුවනට හා ඔවුන ගේ පාසල් පුස්තකාලවලට කුමාරතුංග මුනිදාස ගේ කෘති ද පරිත්‍යාග කෙරිණ.

758400796 122172827282956081 6868521883478960815 n

755694548 122172827330956081 6407537472110319590 n

756043961 122172827372956081 1247288487030320022 n

754660191 122172827420956081 1267276907801199229 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න