Image

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ගෙන් අභියාචනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ගෙන් අභියාචනයක්

වසර එක හමාරක සිර දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බදුල්ල මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

තම ඇපෑල අභියාචනාධිකරණයට යොමු කරන්නයි ඉල්ලමින් අදාළ ඇපෑල බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කළ චමින්ද විජේසිරි, සිය අභියාචනය විභාග කර තීන්දුවක් දෙනතුරු තමන් ඇප මත මුදාහරින්නැයි ඉල්ලමින් ඇප අයදුම්පතක් ද අභියාචනය සමගම ඉදිරිපත් කර ඇත.

අයුතු අන්දමින් මාර්ගය අවහිර කර පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දී තුවාල කර මරණීය තර්ජනය කිරීමේ චෝදනාවලට වරදකරු වූ චමින්ද විජේසිරිට අඟහරුවාදා (ජූලි 28) බදුල්ල මහාධිකරණය අධිකරණය වසර එක හමාරක සිරදඬුවම් නියම කළේ ය.

ඊට එරෙහිව, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ කණ්ඩායමක් චමින්ද විජේසිරි ගේ අභියාචනය අධිකරණය වෙත ඉදිරිපත් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න