Image

සුදත්ත තිලකසිරිට කොන්දේසි සහිත වාරණ අඥාවක්

සුදත්ත තිලකසිරිට කොන්දේසි සහිත වාරණ අඥාවක්

බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමි ට අපහාසයක් වන අන්දමේ අසත්‍ය, ද්වේෂ සහගත වීඩියෝ, ඡායාරූප සහ ප්‍රකාශ ප්‍රචාරය කිරීම වළක්වමින් යු ටියුබ් නාලිකා ක්‍රියාකාරි සුදත්ත තිලකසිරිට කොන්දේසි සහිත වාරණ අඥාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍යය (24) නිකුත් කළේ ය.

ගලබොඩ අත්තේ ඥානසාර හිමි විසින්  සුදත්ත තිලකසිරි සහ ගූගල් සමාගම වග උත්තරකරුවන් කරමින් ඔන්ලයින් පනත යටතේ පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත ආඥාව නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකාර තිලකසිරි ට ලබන 08වන දා අධිකරණයේ කරනු දක්වන ලෙසට නොතීසි ද නිකුත් කළේ ය.

පැමිණිලිකාර ඥානසාර හිමි  වෙනුවෙන් නීතිඥ ශිවාන් කුරේ සහ නීතිඥ සංජය ඇන්තනී කරුණු දක්වමින් අවධාරණය කර සිටියේ  වග උත්තරකරු අපහාසාත්මක පුවත් සිය යු ටියුබ් නාලිකාවේ ප්‍රචාරය කර ඇති බව ය. අසත්‍ය තොරතුරු පළකර සිය සේවා දායකයාට මඩ ගැසීමේ ක්‍රියා නතර කරන ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව වග උත්තරකරුට  තහනම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමේ අයිතියක් නොමැති බවත්, ඔන්ලයින් පනත ප්‍රකාරව  මෙම ක්‍රියා සම්පූර්ණයෙන් නීති විරෝධී බවත් සඳහන් කළේ ය.

පැමිණිල්ල මගින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා  වග උත්තරකරුට ලබන 08වන දා අධිකරණය පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කළ අතර අපහාසාත්මක තහනම් ප්‍රකාශ තවදුරටත් ප්‍රචාරය කිරීම වළක්වමින් කොන්දේසි සහිත ආඥාවක්ද නිකුත්  කළේ ය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න