ආණ්ඩුව බේරා ගැනීමේ බුද්ධිමය මෙහෙයුම් (psy-opps) නිල නොලත් ප්‍රධානියකු වන නිර්මාල් දේවසිරිට නීතියේ එන අවධානයේ යුතුකම පිළිබඳව කරුණු දැක්වීමක්.
දිලික්ත නීතිය තුළ නොසැලකිල්ල මත වගකීම ආරෝපනය කිරීම සඳහා භාවිත කරන ප්‍රධාන නිර්නායක වන්නේ අවධානයේ යුතුකම (duty of care) යන සංකල්පය යි. එම සංකල්පය භාවිතා කිරීමේ දී මතු සඳහන් සාධක තෟප්ත කළ යුතු බව නීතියේ එන පිළිගැනීම යි.
1.සාධාරණ නිගමනය- සාධාරණ මිනිසකුට (reasonable person) සිදුවිය හැකි අනතුර පූර්වේක්ෂණය කිරීමට ඇති හැකියාව,
2.එසේ සිදුකරන සාධාරණ පුර්වේක්ෂණය තුළින් සිදුවිය හැකි අනතුර වළක්වා ගැනීම සඳහා යුතුකමක් තමන් වෙත පවතින බව ප්‍රත්‍යක්ෂ වීම,
3.එලෙසට පවතින යුතුකම ඉටු නොකළ හොත් යම් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට අලාබයක් හෝ හානියක් සිදුවීමට ඉහළ සම්භාවිතාවක් පැවතීම,
4.අවධානයේ යුතුකම සහ හානියට පත්වන්නා අතර සෟජු සම්බන්ධතාවක් තිබීම.
ඉහත කී සාධක දිත්වා සුළිකුනාටුව හේතුවෙන් ඇතිවූ අවාසනාවන්ත විනාශ අපමණ ය.
1.අධික වැසි ජලය හේතුවෙන් ගංගා පිටාර ගැලීම
2.න්‍යාය යාම්,
3.මහවැව් හි පිටාර ජලය හේතුවෙන් ගම්බිම් යටවීම.
දෙවියන් ගේ ක්‍රියා (Act of Gods)
ඉහත විනාශ 3 අතරින් පලමු විනාශ දෙක දිලික්ත නීතිය තුළ හඳුනා ගන්නේ දෙවියන් ගේ ක්‍රියා (Act of Gods) ලෙස ටය. ඒවා මගින් සිදුවන හානියට වගකිව යුත්තෙකු ඇත්තේ නැත.
නමුත් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අඩුම වශයෙන් රතු නිවේදන නිකුත් කරන ලද කලාප තුළ අනතුර පූර්වේක්ෂණය කිරීමෙන් අනතුරුව ද තවදුරටත් අදාළ ප්‍රදේශ තුළින් ජනතාව ඉවත් කිරීමට කටයුතු නොකළේ නම් අපදා කළමනාකරණ ආයතනයට/ දිසා ලේකම්වරයාට/ ප්‍රාදේශීය ලේකම්වරයාට මුලික වශයෙන් නොසැලකිල්ල නම් වරද ආරෝපණය වන්නේ ය. නමුත් ඉහත ආපදා අතරින් මහා ජලාශයවල වාන් ජලය වැව් දොරටුවලින් පිටකිරීමේ හේතුවෙන් සිදුවු විපත්වලට සෟජුවම අවධානයේ යුතුකම පැහැර හැරීම මත නොසැලකිල්ල නැමති වරද ආරෝපනය කිරීමේ හැකියාව පවතී.

වරදක් ආරෝපණය වන්නේ කෙසේ ද...?
වාර්තා වන අන්දමට අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම සහ කුරුණෑගල ප්‍රදේශවල සිදුවු විනාශ සඳහා පදනම්වු ප්‍රධාන හේතුව වූයේ මහ වැව් මගින් පිට කරන ලද වාන් ජලය යි.
එසේ වරද ආරොපනය වන්නේ ආපදා තොරතුරු පුර්වේක්ෂණය කිරීමේ හැකියාවක් තිබිය දී මිලි මීටර් 200-500 අතර වර්ශාපතනයක් ලැබෙන අවස්තාවක තමන් වෙත තිබෙන දත්ත සමාකරණය( data simulation) උපයෝගී කරගනිමින් ඇතිවිය හැකි අනතුරු දායක තත්වය පුර්වේක්ෂණය නොකිරීම ඒ සඳහා වන නිශ්චිත තීරණ ගැනීම යි. එවැනි තීරණ ගැනීමට අවස්ථා ගණනාවක දී නිසි තීරණ ගැනීමේ හැකියාව මහවැලිය සහ වාර්මාර්ග දෙපාර්තමේන්තුව සතුව තිබු බව දැන් පෙනී යන්නේ ය. එනම්;
1.නොවැම්බර් 12වෙනි දා දෙරණ නාලිකාවේ සාකච්ඡාවට සහභාගීවෙමින් කාලගුණ ප්‍රධානියා මිලී මිටර් 200 ඉක්මවා යන වර්ශාපතනයක් ලැබීමේ සම්භාවිතාවක් පවතින බව කියන්නේ ආපදා කළමනාකරණ අංශයේ ප්‍රධානියා ඉදිරියේ දී ය,
2.බීබිසීය ඇතුළු විදේශ ජනමාධ්‍ය 20වෙනි දා සිට තිරසාරව ලංකාවට මිලි මීටර් 200 ඉක්මවා 500 දක්වා ළඟාවිය හැකි වර්ෂාපතනයක් ලැබීමේ සම්භාවිතාවක් පවතින බව වාර්තා කර තිබුණේ ය.
3.ඉන්දියාව සුළි කුණාටුවට පදනම් වන wind shear එක නිර්මාණය වී ඇති බව නිශ්චිතව එන බව සනාථ කරගන්නේ 26වෙනි දා ය.
4.ඉන්දියානු කාලගුන දෙපාර්තමේන්තුව එම සුලි කුනාටුව ‘දිට්වා’ලෙස නම් කරනු ලැබුයේ 27 දාය.
5.දිට්වා සුළි කුණාටුව ලංකාවට ඇතුළු වන්නේ 27 දා 06.00 UTC වලට ය.
UTC යනු universal time coordinated යනුවෙන් හඳුන්වයි. ලාංකික වේලාව ගැනෙන්නෙ පැය 5.30 ලංකාවේ standard time එකට එකතුවීමෙනි. ඒ අනුව බලන කල ලංකාවට දිට්වා සුළි කුනාටුව ඇතුළු වන්නේ 27වන දා මධ්‍යාහ්නයේ දී ය.

බරපතළ පුර්වේක්ෂණයක් ඇති කර නොගත්තේ ඇයි...?
ඒ අනුව බලන විට සාධාරණ මිනිසකුට නොවැම්බර් 20වෙනි දා සිට මි.මී 200 එපිට වැසි පිළිබඳ බරපතළ පුර්වේක්ෂණයකට ද 26වෙනි දා සිට පැය 36ක් තුළ මි.මි. 200 සිට මි.මි. 400 ඉක්මවා යන වර්ෂාවක් පිළිබඳ අති බරපතළ පුර්වේක්ෂණයක් ඇති කර ගැනීමේ හැකියාවක් තිබූ බව පැහැදිලි වන්නේය.
මෙවැනි පුර්වේක්ෂණයක් මත දත්ත සමාකරණය (data simulation) කිරීමේ හැකියාව කාලගුන දෙපාර්තමේන්තුවටද, ආපදා කලමනාකරන මධ්‍යස්තානයටද,වාර්මාර්ග දෙපාර්තමේන්තුවට ද, ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට ද පවතින බව තහවුරුවු කරුණකි.
එම ආයතන සිදුවිය හැකි හානිය පිළිබඳව විද්‍යාත්මක ප්‍රවේශයක් ගනු ලැබුවේ ද නැද්ද යන්න පිළිබඳව ඇත්තේ විමතියකි.

ජාතික කවුන්සිලය කැඳවීම ප්‍රමාද වූයේ ඇයි...?
එසේ data simulation එකක් සිදු කරනු ලැබුයේ නම් එම ප්‍රතිපල 2005 ආපදා කලමනාකරන පනත යටතේ පළමුව Disaster Management Centre එකටත් ඉන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රධානත්වය දරන National Council for Disaster Management වාර්තා කළ යුතුව තිබේ. එම කවුන්සිලය විසින් තීරණ ගෙන අපදා කලමනාකරන කේනද්‍රය විසින් අනුගමනය කළ යුතු අපදා කළමනාකරණ යාන්ත්‍රණය (Disater Risk Reduction(DRR) පනත මගින් පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව ජනාධිපතිවරයාට නිල වශයෙන් අනතුර පිළිබඳව පුර්වේක්ෂණය කරන්නට ද, නිසි DRR තීරණ ගැනීම සඳහා ද ජනාධිපතිවරයා ජාතික කවුන්සිලය කැඳවිය යුතු ය.

මහා ජලාශවලින් නුදුරේ එළඹෙන මහා ආපදාවක් හමුවේ ආපදාවට මුහුණ දීම සඳහා ජලය ඉවත් කිරීම ඉහත සදහන් DRR යාන්ත්‍රණයේ කොටසකි. ඒ සදහා ජාතික කවුන්සිලය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වී පවතින ජලය ඉවත් කිරීමට අඩුම වශයෙන් 20 දා සිට 26 දා වන කාලය තුළ ගතයුතුව තිබිණි. නමුත් ජනාධිපතිවරයා විසින් ජාතික කවුන්සිලය කැඳවන්නේ නොවැම්බර් 27වෙනි දා ය.
ජනාධිපතිවරයා ගේ වගකීම
ඒ අනුව අනතුරු හැඟවීම් තිබිය දී මුලික ආයතන විසින් මුලික පුර්වේක්ෂණ නොකිරීම හෝ එසේ කිරීමට ඔවුනට අණ නොකිරීමේ වරද ආරෝපණය වන්නේ ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික කවුන්සිලයට ය. 2005 පනතට අනුව එම කවුන්සිලයේ ප්‍රධානියා වන්නේ ද කවුන්සිලය කැඳවීමේ බලය පවතින්නේ ද ජනාධිපතිවරයාට ය, මහ වැව් දොරටු ඇරීමෙන් සිදුවන පිටාරයෙන් හානියට පත්වී තිබෙන්නේ එම ජනතාව විසින් ම තෝරාපත් කරගන්නා ලද ජනාධිපතිවරයා ය.
ඉහත කරුණු මගින් පෙනෙන්නේ ආපදා කළමනාකරණයට අදාළ සියලු රාජ්‍ය ආයතනවල අවධානයේ යුතුකම පවත්වාගෙන යෑම ජාතික කවුන්සිලයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා ගේ වගකීමක් බව ය.
පසුවදන:
පාස්කු ප්‍රහාරයේ දී එවකට ජනාධිපති ආරක්ෂක කවුන්සිලය නොතැකුවේ යම් හේතුවක් නිසා ද එම හේතුව නිසාම වර්ථමාන ජනාධිපතිවරයා ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික කවුන්සිලය නොතකා හැර තිබේ.
ජනාධිපතිවරයා අවසන් වරට කවුන්සිලය කැදවා ඇත්තේ අගොස්තු මාසයේ දී වන අතර ඊට පෙර කැදවා ඇත්තේ අප්‍රේල් මාසයේ දී ය.
ජනාධිපතිවරයා තම පරිකල්පනය තුළ ආපදා අනතුරක ඇති සම්භාවිතාවය බැහැර කර ඇති බවක් පෙනේ.
මෙම කරුණු ගොනු කරන්නෙ අනුර ජනාධිපතිවරයා දඬුකදේ ගැසීමට කරුණු ඉදිරිපත් කිරීමට නොවේ. සමස්ත ව්‍යසනයේ වගකීම ඔහු විසින් දැරිය යුතු යැයි යෝජනා කිරීමට නොවේ. අවම වශයෙන් ඔහු ගේ පාලනය තුළ බරපතළ ප්‍රතිපත්තිමය නොකර හැරීමක් සිදුව ඇති බව කියා පෑමට ය. සදාචාරාත්මකව මෙම නොකර හැර්‍රිම විතන්ඩවාදී තර්කවලින් එපිටට ගොස් පිළිගනිමින් අදාළ හානියට පත් ජනතාවට වගවිය යුතුබව කියා පෑමට ය.
(උපුටා ගැනීම - Shiral Lakthilaka ගේ ෆේස්බුක් පිටුවෙන් )


