ඇත්තටම මේ අදහස ටිකක් විවාදාත්මකයි.
"ඕක වැඩිහිටි පරම්පරාවෙ අතීත කාමය සනසන කතාවකට වැඩිදෙයක් නෙමෙයි. මේ යුගයේ ළමයින්ට ඕක දුරස්ථ යි. ඒගොල්ල ඕක කියවන්න කැමති වෙන එකක් නෑ," කියලා ප්‍රතිතර්ක නැගෙන්න පුළුවන්.
මඩොල්දූව තුළ පිළිබිඹු වන කතුවරයා ගේ නවීන දෘෂ්ටිය
මම මේ අදහස් ටිකක් කියන්න යන්නේ; ඇයි මඩොල්දුව නව කතාව මෙච්චර විශිෂ්ට වෙන්නෙ කියන කාරණය ගැන.
මාර්ටින් වික්‍රමසිංහ ගේ චරිත ගොඩනැගීම, සිදුවීම් ඉතාම සමීපව විස්තර කිරීම සහ භාෂාව හැසිරවීමෙහි ඔහු දක්වන විශිෂ්ටත්වය වාගෙ වඩාත් තාක්ෂණික පැත්තට බර කාරණා ගැන නෙමෙයි මම ලියන්න යන්නෙ. මඩොල්දූව තුළ එන කතුවරයා ගේ නවීන දෘෂ්ටිය පිළිබඳව.
මාර්ටින් වික්‍රමසිංහ
''ලොකු පවක්'' කියන්නෙ මොකක් ද...?
මේ පෝස්ට්ටුවෙ තියෙන්නෙ මඩොල්දූව සිනමාපටයෙ එන රූප රාමුවක්.
ධර්මදාස නම් ගුරුවරයාගෙන් ශිෂ්‍යයෙකු මෙන්ම ඔහු ගේ පුතා ද වන දරුවා "කාමේසුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි." කියන සිල් පදයේ තේරුම විමසනවා. ටිකක් ඈතින් ඉන්න බිරිඳ දිහා විටින් විට බලමින් ගුරුවරයා (තාත්තා) ගොත ගහනවා. පසුව, "ඒක ලොකු පවක්," යැයි ඔහු කියනවා.
"ඒක ලොකු පවක් කියන්නේ තාත්තේ...?"
පුතා නැවතත් විමසනවා.
ඉස්කෝලේ හාමිනේ කෙනෙක් වන ඔහුගෙ බිරිඳ වටපිට බලලා එතනින් ශේප් එකේ මාරු වෙනවා.
"ඒක ලොකු පවක් කියන්නේ, ඒක ලොකු පවක් හින්දා .. මම ඒක පස්සේ දවසක කියලා දෙන්නම්. හා දැන් යනවා."
පාසල් ගුරුවරයා පාඩම කියලා දීම අහවර කරනවා.
ලංකාවේ සමාජය තුළත් පාසල් පද්ධතිය තුළත් තවමත් සාම්ප්‍රදායික ඉගෙනීමේ කටයුතුවලට දක්ෂතා නොදක්වන, දඟකාර, ක්‍රීඩාවලට වැඩිපුර කැමති දරුවන් අනවශ්‍යයි කියල තමයි සලකන්නෙ. මාර්ටින් වික්‍රමසිංහ මේ අභියෝග බාරගන්නව. ඔහු ඔහු ගෙ මේ විශිෂ්ට යොවුන් නවකතාවෙ ප්‍රධාන චරිතය විදිහට තෝරාගන්නෙ එවැනි දරුවෙක්.
කුඩම්මා සංකල්පය නිදහස් කළ හැකි ද...?ඊට පසුව එළඹෙන දසක ගණනාව තුළ ශිෂ්‍යත්ව විභාගය සමත්වීම, නගරයෙ පාසලකට යෑමට හැකි වීම යනාදි කාරණා ජීවිතය ජයගැනීම ලෙස උත්කර්ෂයට නැගුණු යොවුන් නවකතා පොත් කීයක් ලියවුණා ද, ඒවට සම්මානත් ලැබුණා ද? ඒවාගෙම අපි දන්න බොහොමයක් සුරංගනා කතාවල එන පුංචි අම්මා දුෂ්ට ගැහැනියක්. ඒවාගේ ආකල්පයක් සමාජගත වීමේ හානිකර බව මාටින් වික්‍රමසිංහට මග ඇරෙන්නෙ නෑ. ඔහු මුල් පරිච්ඡේදය තුළ ම ඇයව ඒ ආකල්පය තුළින් නැගෙන අපවාදයෙන් නිදහස් කරනවා.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
