V2025

පුවත්

ඇමති නොකියා ඇවිත් : වරායේ අරුම පුදුම කජු කෑමක් හෙළිවෙයි !

කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කෙරෙන මුදලින් අඩක්ම පාහේ වැය වන්නේ කජු සඳහා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අනාවරණය කරගෙන ඇත.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ අමාත්‍යවරයා කොළඹ වරායේ මුලුතැන්ගෙය පරික්ෂා කළ අවස්ථාවේදී බවත් වාර්තා වෙයි .

ඒ අනුව කජු වෙනුවට වෙනත් ආදේශක ආහාර එහි කෑම වේලට එකතු කරන ලෙස අමාත්‍යවරයා කොළඹ වරාය මුළුතැන්ගෙයි නිලධාරීන්ට ඊයේ ( 16) උපදෙස් දී ඇති බවත් වාර්තා වෙයි .

එසේම කොළඹ වරායේ ආහාර වේලක් සඳහා රුපියල් හාරසිය පනහකට ආසන්න මුදලක් වැය වන බවද මෙහිදී තොරතුරු අනාවරණයවී ඇත.

එසේම කොළඹ වරායේ මුළුතැන්ගේ සඳහා ලියාපදිංචි නොමැති ආයතන වෙතින් භාණ්ඩ මිලදී ගැනීම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුළුතැන්ගේ ප්‍රතිසංස්කරණය කිරීමට හෝ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුමක් සකස් කරන ලෙසත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කොළඹ වරායේ උප සභාපතිවරයාට උපදෙස් දී ඇති බවත් වාර්තා වෙයි .

කොළඹ වරාය මුළුතැන්ගෙයින් දිවා ආහාරය සඳහා සේවකයන් පන්දහසකටත් රාත්‍රී ආහාරය සඳහා සේවකයන් 3500 කටත් ආහාර සැපයෙන බව මෙහිදී තොරතුරු අනාවරණයවී ඇති බවත් දැනගන්නට ඇත .

එහෙත් මුළුතැන්ගෙය සඳහා සූපවේදියකු නොමැති බව සේවකයින් පවසා ඇති අතර එහිදී අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ , අදාළ පුරප්පාඩුවට වහාම සුදුස්සකු බඳවා ගන්නා ලෙසයි.

වසර 44කට පෙර ඉදි කර ඇති ඉදිකර ඇති වරාය මුලුතැන්ගේ මේ වන විට ඉතාමත් අබලන් තත්වයේ පවතින බවත් ආහාර සැකසුම් තමන් පවතින්නේ පැරණි ක්‍රමයට බවත් මෙහිදී හෙළිදරව්වී ඇත. ඒ අනුව මේ තත්වය වහා වෙනස් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වරාය මුලුතැන්ගේ පවතින අඩුපාඩු සහ ආහාර ප්‍රමිතියෙන් තොර බවත් වෘත්තීය සමිති නියෝජිතය අමාත්‍යවරයාට පෙන්වාදී ඇති බවත් වාර්තා වෙයි .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ඇමතිවරයා පෙර දැනුම්දීමකින් තොරව මුලුතැන්ගේ නිරීක්ෂණය කර ඇත්තේ ඒ අනුවය.

වරාය මුළුතැන්ගේ කෑම පිසිනු ලබන්නේ ඉපැරණි ගෑස් ලිප් වල බැවින් ගෑස් විශාල වශයෙන් අපතේ යන බවත් සේවකයින් පවසා ඇති අතර ඒ සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ අවධානය යොමුකළ බවත් වාර්තා වෙයි .

මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශයේ ලේකම් පී ඩී එස් රුවන්චන්ද්‍ර , වරාය අධිකාරි උප සභාපති ගයාන් අලගියවත්තගේ සහ වරාය මුළුතැන්ගේ කළමනාකරු ජේ.ඩී ඩයස් යන ඇතුළු පිරිසක්ද එක්ව ඇති බවත් වාර්තා වෙයි .

දේශබන්දුගේ වැඩේ දුරදිග යයි : මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට නොතීසි !

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ස්ථාන මාරුව සහ ඔහුට එරෙහි විනය පරීක්ෂණය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි ට ඊයේ (15) නොතීසි නිකුත් කර ඇති බව වාර්තා වෙයි .

ඒ ගෝල්ෆේස් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ නඩුව අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට බාධාවක් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබදව නිතිපතිවරයා විසින් නිර්දේශයන් දෙකක් ලබාදෙනු ලැබ තිබියදීත්, පොලිස් ආඥා පනතේ පොලිස් නියෝග යටතේ මෙම නිලධාරියා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙසට මෙහිදී අධිකරණය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග නිකුත්ව තිබේ.

 

අවසන් තෙල් නැව එද්දී : ඉන්ධන පෝලිමක තවත් මරණයක් !

ඩොලර් මිලියන 700ක ණය පහසුකම යටතේ ලැබෙන අවසන් තෙල් නැව අද (16) කොළඹට පැමිණ ඇත.

එම නෞකාවෙන් රැගෙන එන ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 40,000 කි.

කෙසේවෙතත් පෙට්‍රල් නැවක් පැමිණෙන නිශ්චිත දිනයක් මෙතෙක් ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශයට පත් කර නැත.

අද පැමිණෙන නෞකාවේ ඩීසල් බෙදා හැරීමේ කටයුතු සඳහා තවත් දින 03 ක් පමණ ගතවනු ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග පවසයි .

එසේම මේ වන විට ඉන්ධන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනතාව තවදුරත් පෝලීම්වල රැඳී සිටින අතර දිවයින පුරා ඉන්ධන හල් ආශ්‍රිත දිගු පෝලිම් දක්නට ඇත.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇත්තේ ඉන්ධන නොමැති බව පවසමිනි.

එසේම ප්‍රදේශ රැසක ජනතාව ඊයේ දිනයේදී ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලා මාර්ග අවහිර කර විරෝධතාවල ද නිරත වෙමින් තිබේ.

ඉන්ධන පෝලිමේ තවත් මරණයක් !

මේ අතර ඉන්ධන පෝලිම් ආශ්‍රිතව තවත් හදිසි මරණයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි .

පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක සිටි 53 හැවිරිදි පුද්ගලයකු මෙසේ මියගොස් ඇති අතර පොලීසිය පවසන්නේ හදිස්සියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මරණය සිදුව ඇති බවය.

, ඊයේ (15) රාත්‍රී සිට පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරකු එලෙස මියගොස් ඇති අතර ඔහු පානදුර හිරණ විසල් උයන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මීට පෙර ද මෙරට විවිධ ස්ථානවල ඉන්ධන පෝලිම්වලින් පුද්ගල මරණ කිහිපයක් වාර්තා විය.

සජිත් දැන් ශාස්ත්‍රපති !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නාවල විවෘත විශ්වවිද්‍යාලය පවත්වන පරිසර විද්‍යා MSc in Env. Sc උපාධිය සම්පූර්ණ කර ඇති බව සමගි ජනබලවේගය පක්ෂයේ ආරංචි මාර්ග පවසයි .

පරිසර ආර්ථික විද්‍යාව සහ කළමණාකරණය සහ පාරිසරික ප්‍රතිපත්ති සැළසුම්කරණය සහ තක්සේරු කරණය යන විෂයන් විපක්ෂ නායක විසින් එහිදී හදාරා ඇති බවත් වාර්තා වෙයි.

එම උපාධියට අදාළ පරියේෂණ සඳහා යයි කියමින් සජිත්, කාලයක් යාල වනෝද්‍යානයේ හා කුමන වනෝද්‍යානයේ කල්ගත කිරීම සහ එය ඇතැම් සමාජ මධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයවූ බව ප්‍රසිද්ධ කරුණකි.

කෙසේ වුවත් පසුගිය සමයේ නම් විපක්ෂ නායකවරයා යාලේ සංචාරය කළ බවක් වාර්තා වූයේ නැත.

පසුගිය ජනාධිපතිවරණය අභිමුව සජිත් ප්‍රේමදාස ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් දැඩි විවේචන පැවති නමුත් ඉදිරියට එවැනි තත්ත්වයක් ඇති නොවනු ඇති බව සජබ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .

IMG 20220616 WA0008

IMG 20220616 WA0010

ධම්මිකගේ පත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මූලික අයිතිවාසියකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨධිකරණයේ ගොනුකරනු ලැබ ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර ඇත .

එම පෙත්සමේ මෙසේ සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ අවස්ථාවේදී එම පුරප්පාඩුවට පත්කළ යුතු පුද්ගලයකු ඊට හිමිකම් ලබන්නේ අදාල දේශපාලන පක්‍ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වූවකු හෝ නාමයෝජනා ඉදිපත්කළ අයකු හෝ ජාතික ලැයිස්තුවේ නම සඳහන් වූවෙකු පමණක්ය.

ඒ අනුව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉහත සඳහන් කිසිඳු ලැයිස්තුවක නම සඳහන් වූවෙකු නොවේ. ඒ අනුව ධම්මික පෙරේරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය යටතේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොසුදුසුක් වේ.

ව්‍යාපාරික ධම්මික පෙරේරා විවිධ ක්ෂේත්‍රයන් යටතේ ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙකි. යම් හෙයකින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හෝ අමාත්‍ය ධූරයක් දැරුවහොත් පක්‍ෂග්‍රාහි සහ උනන්දුව පිළිබඳ ගැටුම්කාරී තත්වයක් ඇතිවිය හැක.

මෙවැනි ආයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) (ඊ) වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සෙක් වේ. ඒ අනුව ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වශයෙන් පත්කිරීම නීතියට පටහැනි වේ, වේ ව්‍යවස්ථාවට පටහැනි වේ.

මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත්, මූලික අයිතිවාසිකම් කඩවී ඇත බව ප්‍රකාශ කරන ලෙස, ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

ආර්ථික අර්බුදය ජය ගන්න : රනිල්ගේ මාර්ග සිතියම ඉදිරියේ පාර්ලිමේන්තුවට !

පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් (Road map) ඉදිරියේදී පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය ‍රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සමග පවත්වන ලද සාකච්ඡාවේදී මේ පිළිබඳ අදහස් පල කළ
අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු මාර්ග සිතියම අවසන් කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් වත්මන් ආර්ථික අර්බුදය සහ එය ජය ගැනීමට අපේක්ෂිත ආණ්ඩුවේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන ඉලක්ක පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ඇත .

අනතුරුව රටේ ආර්ථික ව්‍යසනය අවම කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා සාකච්ඡා කළ බවත් වාර්තා වෙයි .

මෙම සාකච්ඡාව සඳහා හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කුමාර වෙල්ගම, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, අලි සබ්‍රි, අනුර ප්‍රියදර්ශන යාපා, චරිත හේරත් ඇතුළු පා ර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වූ බවත් වාර්තා වෙයි .

IMG 20220616 WA0005

IMG 20220616 WA0006

IMG 20220616 WA0007

බිත්තර හා කුකුළුමස් මිළ තවත් ඉහළට

 බිත්තර හා කුකුළු මස් මිල ඉදිරියේදී අසාමාන්‍ය ලෙස තවත් ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

සක්ව ආහාර  නොමැති වීම හේතුවෙන් මෙසේ මිළ ගණන් ඉහළ යනු ඇතැයි ඔවුහු වැඩිදුරටත් පවසති.

මේ දිනවල වෙළෙඳපොළේ කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1200ක් පමණ වන අතර, බිත්තරයක මිල රුපියල් 47 සත 50 කි.

මහා ගුවන් අනතුර නූලෙන් බේරපු හැටි මෙන්න !

ලන්ඩනයේ සිට කටුනායක දක්වා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානය ඊයේ (14) තුර්කියට ඉහලින් වූ උඩු ගුවනේදී බ්‍රිතාන්‍ය එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් සමග ගැටීමට යාමෙන් සිදුවීමට ගිය විශාල විපතක් වළක්වා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් ගේ දක්ෂකම නිසා හැකිවී ඇති බව වාර්තා වෙයි.

එනිසා මගීන් 275 දෙනෙකු සමග ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළෙන් ගමන් ඇරඹු UL 504 දරන ගුවන් යානය නිරුපද්‍රිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ සවස ලඟා වී තිබිණ .

වාර්තා වන ආකාරයට , ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොලේ සිට කටුනායක බලා ගමන් ඇරඹු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානය තුර්කි ගුවන් සීමාවට ඇතුල්වීමෙන් පසු අන්කාරා ඉහළින් පියාසර කරමින් සිටියදී එහි ගුවන් පාලක මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවාට අඩි 33,000 සිට අඩි 35,000ක් ඉහළට ගුවන් යානය පියාසර කරවන ලෙසට දැනුම්දී ඇත.

තමන්ට ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව සිටි ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් ඇතුළු යානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට නිරීක්ෂණය වී ඇත්තේ ඒ වන විටත් ඔවුන්ට සැතපුම් 15 ක් ඔබ්බෙන් අඩි 35,000 ක් ඉහළින් පියාසර කරන බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක් පියාසර කරමින් සිටින බවයි.

බ්‍රිතාන්‍යය ගුවන් සේවයට අයත් ගුවන් යානය ගමන් කරන මාර්ගයට ශ්‍රී ලන්කන් ගුවන් යානය රැගෙන යන ලෙස අන්කාරා හි පිහිටි ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය දැනුම් දීම හේතුවෙන් ඔවුන් වහාම ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට දැනුම් දීමට පියවර ගනු ලැබ ඇති බවත් වාර්තා වෙයි .

බ්‍රිතාන්‍යය ගුවන් සේවයට අයත් ගුවන් යානය ඒ වන විට ඩුබායි බලා පියාසර කරමින් සිට ඇති අතර එහි ගමනාන්තය වී තිබුනේ සිංගප්පූරුවයි.

එමෙන්ම මෙම ගුවන් යානය ලන්ඩනයේ හිත්‍රෝ ගුවන් තොටුපොලෙන් පිටත්වී තිබුනේ ශ්‍රී ලන්කන් ගුවන් යානය ගුවන් ගතවී සුළු මොහොතකට පසුව වීමද විශේෂත්වයකි .

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානය සිදුකළ දැනුම් දීමෙන් පසුව පරීක්ෂා කිරීමෙන් පසු, අන්කාරා ගුවන් ගමනාගමන පාලක මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලනක්න් ගුවන් යානයේ කපිතාන්වරයාට දන්වා ඇත්තේ ඔවුන්ගේ රේඩාර් පද්ධතියේ අඩි 35,000 ක් ඉහළට කිසිදු ගුවන් යානයක පියාසර කිරීමක් අනාවරණය නොවූ බැවින් ශ්‍රී ලන්කන් ගුවන් යානයට ඉහළ නැගීමට අවසර දුන් බවයි.

ඒ වන විට බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයේ තම යානාවේ පිහිටි රේඩාර් පද්ධතියෙන් හඳුනා ගත් ශ්‍රී ලන්කන් ගුවන් නියමුවා යානය අදාළ සීමාවට රැගෙන නොගස් නැවත වරක් අන්කාරා ගුවන් ගමන් පාලකට දන්වා ඇත්තේ ඔවුන් ගේ තීරණය ගැන පරීක්ෂා කර බලන ලෙසයි.

එම දැනුම් දීමෙන් සුළු මොහොතකට පසුව ඇන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය විසින් ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවාට දැනුම් දී ඇත්තේ අඩි 35,000ට ඉහළ අහසේ ගුවන් යානයක් ගමන් කරමින් ඇති බවට නිරීක්ෂණය වූ බැවින් පෙර දැනුම් දුන් නියෝගය අවලංගු කරන බවයි.

තුර්කි ගුවන් ගමන් පාලක මැදිරිය විසින් සිදුකළ දැනුම් දීම අනුව ශ්‍රී ලනක්න් ගුවන් යානය අඩි 35,000ක් ඉහළ මට්ටමට ඔවුන්ගේ යානය ගෙන ගියා නම් එය විශාල ඛේදවාචකයක් වීමට ඉඩ තිබුණි. මන්ද ශ්‍රී ලන්කන් ගුවන් යානයේ වේගයට අධික වේගයෙන් බ්‍රිතාන්‍යය ගුවන් සේවයට අයත් ගුවන් යානය ගමන් කරමින් තිබු බැවින් එම යානා දෙක උඩු ගුවනේදී ගැටීමට ලක්වීමට බොහෝ ඉඩකඩ තිබු බැවින්ය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානයේ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සුපරික්ෂාව හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිවූ අතර මගීන් 275 දෙනා ද සමග යානාව ආරක්ෂා සහිතව ඊයේ සවස කටුනායක ගුවන් තොටුපොළට ලඟා වූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි .

දේශබන්දු නිසා ලේකම්ටත් නොතීසි !

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ස්ථාන මාරුව සහ ඔහුට එරෙහි විනය පරීක්ෂණය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චිට අද (15) නොතීසි නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට බාධාවක් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබදව නිතිපතිවරයා විසින් නිර්දේශයන් දෙකක් ලබාදෙනු ලැබ තිබියදීත්, පොලිස් ආඥා පනතේ පොලිස් නියෝග යටතේ මෙම නිලධාරියා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙසට මෙහිදී අධිකරණය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය.

ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධිය අද (15) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

මූලාශ්‍රය lankadeepa

සති 6ක් තුළ ඖෂධ හිඟය අවසන් - ඇමති කෙහෙලිය !

ඉදිරි සති 6ක කාලය තුළ රට පුරා රෝහල්වල උද්ගතව ඇති ඖෂධ හිඟය අවසන් කිරීමට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි .

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ , ඖෂධ ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට ලැබී ඇති බවය.

කෙසේ වුවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14 ක් මේ වනවිට අවශ්‍ය ප්‍රමාණයටම පවතින බවත් අමාත්‍යවරයා පවසා ඇත .

මෙහිදී ඖෂධ වර්ග 186 ක හිඟයක් ඇති බව අමාත්‍යවරයා පිළිගෙන ඇත .

එම ඖෂධ වර්ග ද කඩිනමින් ගෙන්වා ගන්නා බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් පවසා ඇත .

ගෑස් සිලින්ඩරය 7000 ට ? අනුමැතියට පිටින් ගෑස් ගෙන්වීමේ සූදානමක් !

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් සහ කැබිනට් අනුමැතිය හිමි වූ තායිලන්ත සියාමි සමාගමෙන් ගෑස් මිලදී ගැනීම අත්හිටුවා මීට පෙර සැපයුම්කරු වූ ඕමාන් ට්‍රෙඩින් සමාගමෙන් ගෑස් මිලදී ගැනීමට සූදානම් වීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.

මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ හේතුවෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යෑමේ අවදානමක් පවතින බවයි.

වාර්තා වන ආකාරයට, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සියාම් සමාගම, දැනුම්දී ඇත්තේ , වරාය, රක්ෂණ, නෞකා ගාස්තු ලෙස මෙට්‍රික් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 96 ක මුදලක් අයකරන බවයි .

මීට පෙර ගෑස් සැපයුම් කළ ඕමාන් සමාගමේ දැනුම්දී ඇත්තේ , ඔවුන් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 129 ක මුදලක් අයකරන බවයි .

මේ අතර මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ , සමාගම් දෙකෙහි මිල ගනන් වල එතරම් වෙනසක් ඇති පසුබිමක පවා, සියාමි සමාගමෙන් ගෑස් මිලදී ගැනීම අත්හිටුවා, ඕමාන් සමාගමෙන් ගෑස් මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස, ලිට්රෝ සමාගමට බලපෑම් එල්ල වී ඇති බවයි .

මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට , ඕමාන් සමගමෙන් ගැස් මිලදී ගැනීමේදී ඇමෙරිකා ඩොලර් 34 ක් වැඩියෙන් ගෙවා ලබා ගැනීමට සිදුවීම හේතුවෙන් ගෘහස්ථ ගැස් මිල ඉහළ දැමීමට සිදුවනු ඇත .

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරුන් වන තෙෂර ජයසිංහ හා විජිත හේරත්ට ඉවත් වීමට සිදු වූයේද මෙම සිද්ධිය හේතුවෙන් බව ලිට්රෝ ගෑස් සමාගමේ සහ මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

ලිට්‍රෝ සමාගම පවසන්නේ සියාම් සමාගමෙන් ගෑස් මිලදී ගතහොත් ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් රුපියල් 5000 කට පමණ පාරිභෝගිකයාට ලබාදිය හැකි බවයි. ඒ බව හිටපු සභාපති තෙෂර ජයසිංහ විසින් මුදල් අමාත්‍යාංශයටද මීට පෙර දැනුම් දී තිබූ බවත් වාර්තා වෙයි.

ඕමාන් ගෑස් සමාගමෙන් ගෑස් ආනයනය කිරීමේදී සිලින්ඩරයක් රුපියල් 7000 ක් පමණ විය හැකි බව සඳහන් කරන ලිට්රෝ සමාගමේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ , මේ වන විට ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයකින් රුපියල් 2500 ක පාඩුවක් ලබන බවයි.

මේ අතර පවතින තත්ත්වය තුළ, ගෑස් සැපයීමට හැකියාව පවතින්නේ, තොග වශයෙන් මිලදී ගත් ගැනුම්කරුවන් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .

ඒ අනුව රෝහල්, හෝටල් සහ ආදාහනාගාර එම කණ්ඩායම් යටතේ අයත්වන බවද අගමැතිවරයා පෙන්වා දෙයි.

පොදු ප්‍රවාහනය කොට උඩ : පෞද්ගලික බස් 90% ක් ධාවනය නවතියි ?

අද (15) දිනයේ සිට මෙරට පෞද්ගලික බස් ධාවනය 90% කින් අඩුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි .

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ පවතින ඩීසල් හිගය මත මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

ඉන්ධන හිඟය තවදුරටත් වැඩි වුවහොත් බස් ධාවනය මුළුමනින්ම ඇණහිටිනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්ධන සැපයීමේ අසීරුම සති 3 !

මේ අතර රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සතියේ සිට ඉදිරි සති 3 ඉන්ධන සැපයීමේ අසීරුම සති 3 වන බවයි.

මේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද තහවුරු කර ඇත .

ඒ මෙරට ඉන්ධන අර්බුදය උපරිමය ඉදිරි සති තුනේ දී ඇති වනු ඇති බව පවසමිනි.

ඉන්ධන අඛණ්ඩව ලබාදිය හැක්කේ දැනට ඇති ඉල්ලුමෙන් 50% ක් දක්වා සැපයුවහොත් පමණක් පමණක් බවද අග්‍රාමාත්‍යවරයා පවසයි.

දැනට ශ්‍රී ලංකාව සතුව දින හතකට ඉන්ධන ඇති බවද පැවසූ අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව සමග තවත් ණය ගිවිසුමක් අස්සන් කළ පසු මාස හතරකට ඉන්ධන ලැබෙනු ඇතැයි ද පැවසීය.

ඉදිරියට ඉන්ධන සහ ගෑස් බෙදීම ගැන : අගමැති කියන කතාව ( Video )

ඉන්දියන් ක්‍රෙඩිට් ලයින්" අත්සන් කළ පසු මාස හතරකට ප්‍රමාණවත් ඉන්ධන ලංකාවට ලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (14) මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ය.

 ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත නැවක් ඊයේ (14) පැමිණි අතර එහි ගෑස් නිකුත් කිරීමේදී රෝහල්, හෝටල් සහ ආදාහනාගාර වැනි ආයතනවලට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ඊට පසු එන නැව් වලින් මාස හතරකට ගෑස්, ඉන්ධන අඛණ්ඩව ලබා දෙන්නට තීරණය කළ බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය .

නමුත් අඛණ්ඩව ගෑස් සහ ඉන්ධන සැපයීම් කළ හැක්කේ දැනට තිබෙන ඉල්ලිම් වලින් සියයට පනහක් ලබා දෙනවා නම් පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඉදිරි සැපයීම් කරන බවද සඳහන් කළේය.

ඩොලර් හිඟය පියවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සමග සාකච්ඡා කර ගෙන යන අතර ඒ වැඩ කටයුතු ජුනි මාසය ඇතුළත සම්පූර්ණ කර ගැනීමට හැකි වෙතියි බලාපොරොත්තු වෙන බව ද අගමැතිවරයා සඳහන් කළේය.

තමා කලින් සඳහන් කළ පරිදි දැන් දුෂ්කර ම කාලය ගෙවමින් සිටින අතර ඒ ප්‍රශ්නවලට මුහුණ දී දරා ගැනීම ගැන සියලු දෙනාට ස්තුති කරන බවත් ප්‍රශ්න ශීඝ්‍රයෙන් විසඳන්න බැරි වීම ගැන කණගාටුව ප්‍රකාශ කරන බවත් අග්‍රාමාත්‍යවරයා කීය.

හර්ෂ ඉන්ටර්නැෂනල් චොර වීමක !

හිටපු විදේශ අමාත්‍යවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී , ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගියදා ප්‍රසිද්ධියේ විදෙස් රාජතාන්ත්‍රිකයන් කිහිපදෙනෙකු තමන් සමඟ කියූ කතා පෙළක් එළියට දැම්මේය .

ඒ යහපාලන සමයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධූරය දුන්නේ මේ වැනි රාජතාන්ත්‍රික හැසිරීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් තරම්වත් සංයමයක් නැති අයෙකුටද යන්න සිහිපත් කරමිනි.

එතරම්ම ඔහු ගැලරියට අන්ධවී කියෙව්වා මිස , රාජතාන්ත්‍රික යන වචනය ගැන තැකීමක්වත් පෙන්නුවේ නැත.

ආචාර්ය හර්ෂ , එදා ගොඩක් දේ කියූ නමුත් , ඒ ගොඩක් දෙයින් බොහොමයක් බොරු බවට ජාත්‍යන්තර සහතිකයක් ලබා ඇත.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ උපුටා දැක්වූ මාලදිවයින හිටපු ජනාධිපති සහ වත්මන් කතානායක මොහොමඩ් නශීඩ් විසින් ය.

ඊට අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි .

මගේ දිගුකාලීන මිත්‍රයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා නිතර හමුවෙනවා. මම ඔහුගෙ අසුර මම ප්‍රියකරනවා. මාධ්‍ය වාර්තා අනුව ඔහු විසින් කරන ලද ප්‍රකශය සාවද්‍ය වේ. රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට කැමැත්තෙන් සිටින අතර එම ආධාර ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි.

IMG 20220614 WA0013

හර්ෂගේ ජපන් ජබර !

එදා හර්ෂ ගේ අදහස් දැක්වීම අවස්ථාවේ , ජපාන තානාපති කිව්වා කියලත් කතාවක් අහන්න ලැබිණ . ඊට අනුව මෙරටට කෙටිකාලීන හෝ ණයක් දෙන්නට නම්, එක්කෝ ආණ්ඩුව සර්ව පාක්ෂික විය යුතුය. නැත්නම් විපක්ෂයත් ඒ ණය ගිවිසුමට අත්සන් කළ යුතු බව ජපන් තානාපති කියූ බවක් හර්ෂ මන්ත්‍රීවරයා කියයි.

ජපානය වැනි රටක තානාපතිවරුන් එසේ විපක්ෂ මන්ත්‍රීවරුන් සමග තේ - කෝපි නොව සකායි බිව්වත් ඒ වැනි කතා කියන්න යන්නේ නැති බව ජාත්‍යන්තර සම්බන්ධතා ගැන දන්නා අය දනියි. ඒ ඔවුන් විධිමත් විදෙස් සම්බන්ධතා ජාලයක් නඩත්තු කරන නිසාය. එසේම ඔවුන් රාජතාන්ත්‍රික හැසිරීම කාටත් වඩා උපරිමයෙන් රකින නිසාය. මේ මොහොතේ ජපන් ස්ටයිල් එක ඒකය.

ඒ නිසා, ජපන් තානාපති කිව්වා කියා හර්ෂ මන්ත්‍රීවරයා කියන කතා සාවද්‍ය බව තහවුරු වෙයි. දැනටමත් මාලදිවයිනේ නශීඩ් , හර්ෂව අනාවරණය කර ඇති නිසා , ඒ බව තවදුරටත් තහවුරු වෙයි. කොහොමටත් විදෙස් තානාපතිවරුන් තමන්ගේ මතය ළිඳ ළඟ සංගමය හරහා හෝ විපක්ෂ කයිවාරුකරුවන් අතේ එවන්නේ නැත. යම් කරුණක් දැනුම් දුන්නත්, මේ ආකාරයට සභාව මැද කලිසම ගලවන ආකාරයට එවන්නේ ද නැත.

දැන් තමන් කියූ ඇත්ත මොනවද , බොරු මොනවද කියා වෙන්කර පැවසීම හර්ෂ මන්ත්‍රීවරයා සතුය. ඒහෙත් සිංහලෙන් ඒවා කීවාට ජාත්‍යන්තරය හර්ෂ මන්ත්‍රීවරයාව නිදොස් කරයිද යන්න සැකසහිතය.

මං හෙන පොරක් !

සැබවින්ම කියූ කතා ඇත්ත වුවත් බොරු වුවත් හර්ෂ මන්ත්‍රීවරයා ඒත්තු ගන්වන්න උත්සාහ කරේ, ජපන් තානාපති , මාලදිවයින් නායකයන් ඇතුළු පිරිස තමන් සමග මාර කුළුපග බවය. ඒ ඇසුරේ, යන චැට් වල රටේ ආර්ථිකය ගැන මාර කයිවාරු යන බවය. ඒවා අග්‍රාමාත්‍ය රනිල් හෝ ජනාධිපති ගෝඨාභය මොකුත් නොදන්නා බවය. විදෙස් මාධ්‍යයක හෝ නොයන දේවල් තමන් දන්නා බවය. තවත් මේ වගේ කරුණු ගොඩක් සමග හර්ෂ මන්ත්‍රීවරයා , ජනතාව වෙත අඟවන්න උත්සාහ කර ඇත්තේ , "තමං හෙන පොරක්, තියෙන්නේ මාර කන්ටැක්ස්" බව වෙන්න පුළුවන.

විදෙස් රාජතාන්ත්‍රිකයන් පටලවා ගන්නේ නැතුව පොරක් වෙන්න බැරිද ?

විදෙස් රාජතාන්ත්‍රිකයන් පටලවා ගන්නේ නැතුව පොරක් වෙන්න බැරිද ? යැයි දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන.

අපිටත් නොතේරෙන තැන එතනය. සමහර විට පසුගිය සමයේ හර්ෂව ජනාධිපති කරමු කියා හරීන් කී විට හර්ෂ ජනාධිපතිට ඇන්දාද අපි දන්නේ නැත. එසේම සජබ ඇතුලේ ආර්ථික ඔස්තාද් ලෙස පෙනී සිටීම නිසා , හර්ෂ මුදල් ඇමති වෙන්න එන්න කියා ලැබුණු ආරාධනා හරහා හර්ෂ ඇන්දාද අපි දන්නේ නැත.

අපි නම් හර්ෂ ගැන දන්නේ , යහපාලන සමයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙනා සංකල්පයක් අනුව , ඉන්දීය රජයේ එකඟතාව ඇතුව ලැබුණු 1993 සුවසැරිය ගිලන් රථ සේවය , තමන් කළ වැඩක් ලෙස හර්ෂ බෝඩ් එක ගහගෙන ඉන්නවා පමණය. ඔය ගැන සිරස රොෂාන් වටවල ප්‍රශ්න කළ අවස්ථාවේ හර්ෂ ගේ හැසිරීමත් අපට මතකය.

ඊට පස්සෙත් හර්ෂ සුවසැරිය මගේ කියා බෝර්ඩ් එක ගහගෙන දිව්වාට රනිල් එහි අයිතිය ගන්න ආවේ නැත. ඒ රනිල්ගේ හැටිය. රනිල් ඒ ගැන මොකුත් නොකියන නිසා හර්ෂ, දිගටම සුවසැරිය බෝර්ඩ් එක ගහගෙන දිව්වාට කවුරුත් මොකුත් කියන්න ගියේද නැත.

හැබැයි හර්ෂ ගියේ, ඒ අස්සෙන් රනිල්, චන්ද්‍රිකා ඇතුළු ජාත්‍යන්තර සම්බන්ධතා සහිත මල් පොකුරේ තමන්ද හෙන මලක් බව පෙන්නන්න විය යුතුය. හර්ෂ නොදැන සිටියේ ආශාව තිබූ පමණින් එතනට යන්න බැරි බවය.

ඒ අනුව හර්ෂ ට සිදුවූයේ සුදුසුකම් පෙන්වන්න බොරු කියන්න ගිහින් නොසුදුසුකම ඔප්පු කිරීමය.

දැන් ඒ කෝච්චිය ගිය නිසා මේ ටිකත් කිවයුතුව ඇත. දැනුමට සාපේක්ෂව රටේ ආර්ථික අභිලාෂ සම්බන්ධයෙන් සජිත්‍ට ,හර්ෂව පොරක් වුණාට , රනිල් ඉස්සරහ තමන් කවුද කියා දන්නේ හර්ෂ ය.

හර්ෂත් නොදැන සිටියා නම් දැන්වත් ඔහුට දැනගැනීම පිණිස අපිවත් එය ලියා දැන්විය යුතුය.

රනිල් සමග හැරෙන්නටවත් හර්ෂ අසමත්ය. හර්ෂ වැරදිලා හරි මුදල් ඇමති වූවා නම් වෙන්නේ රනිල් කියන ටික කරන්නය. සජිත්‍ට උපදෙස් දී ගන්න ආතල් එක එතන ලොවෙත් නැත. හර්ෂ ලෝකය පටළවා ගත්තේද අන්න ඒ නිසාය .

 "ස" tv - සටහනක් !

Harsha rw nasheed 1000px

සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීමේ වැඩකට අගමැති අත ගහයි

සංචාරකයින් ලක්ෂ 25 ක් 2025 වසර වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන අතර එයින් ඩොලර් බිලියන 3.5 ක ආදායමක් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පැවසීය.

අදාල ඉලක්කය සම්පූර්ණ කර ගැනීම සඳහා ඉහළ වියදම් සහිත සංචාරකයන් ලක්ෂ 15ක් ආකර්ෂණය කර ගැනීමට දිගුකාලීන සැලසුම් සකස් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමඟ අද (14) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වූ අතර ඊට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරීන් කීවේ වසරේ ඉතිරි කාලය සඳහා සංචාරකයින් ලක්ෂ 8 ක් පමණ ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එයින් ඇස්තමේන්තු ගත ආදායම ඩොලර් මිලියන 800ක් බවත්ය.

ආගන්තුක සත්කාර ක්‍ෂේත්‍රයේ බොහෝ සේවකයන් මේ වන විටත් වෙනත් ස්ථාන සඳහා පිටත්ව ගොස් ඇති බවත්, මෙරට හෝටල් පාසල්වලට අලුතින් බඳවා ගැනීම් විශාල ලෙස අඩුවීමත් සමඟ තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඇති කරන ලෙසට අගමැතිවරයා අදාළ පාර්ශවකරුවන්ට උපදෙස් දුන්නේය.

කර්මාන්තයට ඇතුළු වී නව රැකියා අවස්ථා ලබා දීම දේශීය සංස්කෘතීන්හි ගිල්වීමට උනන්දුවක් දක්වන සංචාරකයින්ට සුවිශේෂී අවස්ථාවක් සලසන සංස්කෘතික උත්සව සංවිධානය කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

ලොව පුරා කතුවරුන් සහ සාහිත්‍ය ලෝලීන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගාලු සාහිත්‍ය උළෙල වැඩිදියුණු කිරීමට කටයුතු කරන ලෙස ඔහු රාජ්‍ය අංශයේ සංචාරක නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  පැවසුවේ ශ්‍රී ලංකාවට දැනට පනවා ඇති සංචාරක සීමා ඉවත් කරන ලෙස අදාළ රටවලට බල කිරීම සඳහා තමන් දැනටමත් රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සමඟ සාකච්ඡා කර ඇති බවයි. ඉන්දීය සංචාරකයින් කෙරෙහි අවධානය යොමු කරමින් විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා දේශීය හා ජාත්‍යන්තර ප්‍රසිද්ධ පුද්ගලයින් සමඟ ප්‍රවර්ධන සංදර්ශන පැවැත්වීමට සැලසුම් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සංචාරක අමාත්‍යාංශයේ නියෝජිතයින්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ හා සංචාරක ආයතනය, ශ්‍රී ලංකා හෝටල් සංගමය, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය, ලංකා හෝටල් පාසල් උපාධිධාරී සංගමය, ශ්‍රී ලංකා වෘත්තීය සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන සහ උත්සව සංවිධායකයින්ගේ සංගමය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය මෙම සාකච්ඡාවට සහභාගී විය.

287156167 10104601256217568 7549705573214991998 n

රාජ්‍ය සේවකයින්ගේ සිකුරාදා නිවාඩුවට කැබිනට් අනුමැතිය

ඉදිරි මාස 03ක කාලයක් සඳහා රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එසේ වුවද  ජලය, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂක අංශ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා මීට ඇතුළත් නොවනු ඇති.

රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබාදීමේ යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරිණ.

රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  පසුගිය දා ප්‍රකාශ කළේ, පවතින ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

SLTDA ලියාපදිංචි නම් : මෘදු මත්පැන් බලපත්‍රයක් !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ලියාපදිංචි සියලු ආයතනවලට මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සංචාරක අමාත්‍ය, හරීන් ප්‍රනාන්දු පවසන්නේ සංචාරක ප්‍රවර්ධනයට සහ සියලු ම සංචාරක පාර්ශවකරුවන්ට විදේශ ආදායමක් ගෙන ඒම සඳහා සහාය වීම මෙම තීරණයේ අරමුණ බවයි.

හිඟ වැටුප් සමගින් තැලූ පැලෝපීය නාළ රිවස් වෙයි….!

රටම ආන්දෝලනයට ලක් කරමින්, ඉතා සූක්ෂමව බලය අරඹයා කළ කුමන්ත්‍රණ වලින් එකක් ලෙස වෛද්‍ය සාෆි ෂහබ්ඩීන් විසින් සිංහල බෞද්ධ මව්වරු 4000ක් වඳ කිරීමේ පුවතක් රට පුරා ලැව් ගිණ්නක් සේ ඇවිලී ගියේ ප්‍රධාන මුද්‍රිත මාධ්‍යක් විසින් " තව්හිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරු 4000ක් වඳ කරලා" යන පුවත සමගිනි.

දේශපාලකයන් හා පූජ්‍ය පක්ෂයත් නාළ තැලූ බවට චෝදනා කළා මතකද..?

ඉතා සැලසුම් සහගතවත් සූක්ෂමවත් ක්‍රියාත්මක වූ මේ මහා කේදවාචකය සමස්ත ශ්‍රී ලංකාවේ ආර්තික,සාමාජීය හා දේශපාලනික තත්වයන්ට සිදුකළ බරපතල හානිය කිසිදා නිවැරැදි නොකළ හැකි භයානක ප්‍රතිඵල ගෙනදුන්නකි.

පාර්ලිමේන්තු මංත්‍රී විමල් වීරවංස, පා: ම: පූජ්‍ය අතුරලියේ රතන හිමි, වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඇතුලු පිරිස් විසින් විද්‍යුත් මාධ්‍ය,මුද්‍රිත මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා දිගින් දිගටම කරුණු විකෘති කරමින් සමාජ ස්තරයන් තුළ දැඩි වෛරීය හා ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන අයුරින් ක්‍රියාත්මක වෙමින් රට තුළ ගර්භාෂ යුද්ධය ක්‍රියාත්මක වනබවත් වහාම එය නැවැත්වීමට පවතින පාලනය පෙරලා දමා නව පාලනයක් ඇතිකළ යුතු බවට කරුණු වාර්ථා කරමින් රිසිසේ ක්‍රියා කළ අතර, අවම මාධ්‍ය සදාචාරයක් හෝ නොමැතිව බලපෙරලියට උඩගෙඩි දෙමින් ජඩ මාධ්‍යද ඉතා අපූරුවට කොන්ත්‍රාත්තු ක්‍රියාත්මක කෙරිණ.

තවද කිසිඳු සාධාරණ පරීක්ෂණයකට පෙරාතුව ජාතීන් අතර දැවැන්ත අර්බුදයක් නිර්මාණය කළ මෙම ගැටලුව පිළිබඳ අතැඹුලක් සේ කරුණු දැක්වූ දේශපාලකයන් පූජකයන් හා පොහොට්ටු පාක්ෂිකයන් සිදුකළ අනර්ථය අදවන විටත් බිඳුණු කැඩපතක ප්‍රතිභිම්භයක් සේ සමාජගතව ඇත.

කැලඹෙන සමාජයට සත්‍ය වටහාදුන් එංගලන්තයේ ශ්‍රී ලාංකික වෛද්‍ය වරයාට මහාචාර්ය චන්නගෙන් දෝස්මුරයක්…..!

සියල්ලෝ මනුෂ්‍යන් වන සමාජයක එක් ජාතියක් විසින් තවත් ජාතියක වර්ගයා බෝ වීමට භෞතිකව යම් හානියක් සිදුකරන්නේ නම් එය වෛද්‍ය විද්‍යාත්මකව මෙන්ම සමාජ විද්‍යාත්මකවද අතිශය දරුණු අමානුෂික වරදකි..

එනිසාවෙන් කැලැඹී ගිණි ගනිමින් තිබී ශ්‍රී ලාංකික සමාජය තුළ පැතිරෙන දුර්මතය නිවැරැදි කරනට එංගලන්තෙ මිල්ටන්සි කේන්ස් විශ්වවිද්‍යාල රෝහලේ සේවය නියුතු වෛද්‍ය පියල් පෙරේරා විසින් තම වෘත්තීය දිවියේ වසර 25ක අත්දැකීම් සමගින් දීර්ඝ විස්තරාත්මක ලිපියක් තම මුහුණු හරහා සමාජගත කරමින් විද්‍යාත්මක විග්‍රහයක් සිදුකර තිබුන අතර ඊට එදිරිව වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින් සංගීතවේදී ඉරාජ් වීරරත්න හා එක්ව වෛද්‍ය පියල් පෙරේරා කිසිඳු වෘත්තීය සුදුසුකම්ක් නැති "ගොබ්බයෙක්" බවට වීඩියෝවක් සමාජගත කරමින් නැවතත් වටයකින් ඇතිවූ දුර්මතය තීවෘ කරමින් සමාජය පුරා වෛද්‍ය සාෆිටත් මුස්ලිම් සමාජයටත් වෛරය වැපිරවීය.

එමෙන්ම වෛද්‍ය පියල් පෙරේරා විසින් කිසිදා නොහඳුනන වෛද්‍ය සාෆිට එරෙහිව සිදුකළ අමානුෂික අපහාසාත්මක තර්ජන හා චෝදනා වෙනුවෙන් තම වෘත්තීය ක්ෂේත්‍රයේ ගෞරවය පිණිස පෙනීසිටීම වෙනුවෙන් දැඩි සමාජ දෝෂ දර්ශනයයටද ලක්විය.

වෛද්‍ය සාෆිට හිඟ වැටුප් ගෙවයි එදිරි වූ සමාජය නිහඬයි……!

අද දින සමාජ මාධ්‍ය පුරා වෛද්‍ය සාෆි ෂහබ්ඩීන් හට මේවන තුරු අයවිය යුතු හිඟ වැටුප් රුපියල් 2675816.48ක මුදලේ චෙක් පත සංසරණය විය. එමෙන්ම එම මුදල් වෛද්‍ය සාෆි ෂහබ්ඩීන් විසින් උද්ගත අධික බෙහෙත් හිඟය උදෙසා අත්‍යාවශ්‍ය බෙහෙත් මෙරට ජනතාව වෙනුවෙන් මිළදී ගැනීම සඳහා රජයටම පරිත්‍යාග කරන්නට තරම් සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයකු ලෙස උසස් මනසකින් යුතුව ක්‍රියාත්මක වී ඇති මොහොතක අප විසින් එංගලන්තයේ සේවයේ නියුතු වෛද්‍ය පියල් පෙරේරා දුරකථනයෙන් සම්බන්ධ කරගත් අතර ඔහු වෛද්‍ය සාෆි වෙනුවෙන් පෙනී සිටීම හා වර්තමාන තත්වය පිළිබඳ අදහස් දක්වන ලෙස ඉල්ලා සිටි අතර ඔහු දැක්වූ අදහස් මෙසේය..

මම වෛද්‍ය සාෆි ෂහබ්ඩීන් පෞද්ගලික හඳුනන්නෙ නැහ.
කිසිම දිනක ඔහු සජීවීව දැකලත් නැහැ. ඒත් 2019 මැයි මාසෙ 25 මම මගේ ෆේස්බුක් ගිණුම හරහා දීර්ඝ ලිපියකින් සමාජගත කරන්න උත්සාහ කලේ වෛද්‍ය වෘත්තියේ සැබෑ ගෞරවය ආරක්ශා වියයුතු නිසාත් මේ ප්‍රශ්නය නිසා අපට සිටින විශේෂඥ මුස්ලිම් වෛද්‍යවරුන් රැසකගේ සේවට අපට අහිමි වේවි කියන බියත් එක්ක.. ඒක සමාජයට මහත් අපරාධයක් .ඒ අය ඒ වනවිටත් සමාජයෙන් එල්ලවන පීඩනය නිසා රට හැරයමින් සිටියෙ…
අනික තමයි සිසේරියන් සැත්කමක් තනිව වෛද්‍ය වරයෙකුට කළ නොහැකියි. අපි කණ්ඩායමක් විදියට ශල්‍යාගාරයෙ වැඩ කරන්නෙ…

ඔබට, මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන විසින් දැඩි විවේචනාත්මක ප්‍රහාරයක් සමාජමාධ්‍ය හරහා දියත්කරනව ඒ ගැන මොකද කියන්න තියෙන්නෙ..?

ඇත්තටම මම පෙනී හිටියෙ සත්‍ය වෙනුවෙන්.. ඒ මොහොතෙ පවතින පාලනය පෙරලා දමන්න වගේම පෞද්ගලික ඉලක්ක වෙනුවෙන් වෛද්‍ය වෘත්තීය පාවිච්චි කරපු වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු රැසක් හිටිය. ඔවුන් තදින්ම පෙනීහිටියෙ වෛද්‍ය සාෆි කිසිඳු පරීක්ෂණයකින් තොරව උල තියන ආකාරයට.. ඒ කියන මහාචාර්ය වරයාට මම අනුකම්පා කරනව.. සත්‍ය කියන්නෙ සත්‍ය, මම කිසිම මොහොතක මගේ පැවැත්ම හෝ මගේ පවුලේ පැවැත්ම වෙනුවෙන් වෘත්තීය අවභාවිතා නොකරනව වගේම, කෙතරම් අවාසි උනත් සත්‍ය වෙනුවෙන් පමණක් පෙනී සිටින රටට ඇත්තටම ආදරේ පුද්ගලයෙක්.
ඒ නිසා තමයි මහාචාර්ය රනිල් ජයවර්ධන විසින් අමාත්‍ය ප්‍රසන්න රනතුංග පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කළ මොහොතෙ ඒ වෙනුවෙන් මගේ ඍජු අදහස සමාජ මාධ්‍යට මුදා හැරියෙ.

අවසාන වශයෙන් ඔබට සමාජයට කීමට ඇත්තෙ කුමක්ද..?

ඇත්තටම සමාජයට කියන්න තියෙන්නෙ මීටවඩා වගකීම් සහගතව හැසිරෙන්න.. දැනුවත් උගත් අය පටු වාසිවලට තමන්ගෙ වෘත්තීය ගෞරවය කෙලෙසගන්න එපා.. අපි මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ බදු මුදලෙන් ඉගෙනගත් අය. ඇත්තටම වෛද්‍ය සාෆිගෙ පවුලට ඒ දරුවන්ට සිදුවුනේ කිසිදා ප්‍රතිපූර්ණය කළ නොහැකි සමාජ අසාධාරණයක්, ඒ වගේම ඔහු විසින් ඒ මුදල් ඔහුට එරෙහිවූ සමාජය සුවපත් කරන්න පරිත්‍යාග කළ එකට කෘතඥ වෙන ගමන් මේ ජාතික අපරාධයට හවුල් වූවන්ට මාධ්‍ය ආයතන වලට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ය.

සුමුදු මද්දුමආරච්චි,
මිලානෝ,
ඉතාලිය.

IMG 20220613 WA0006

FB IMG 1655110312361

Page 328 of 474