පොදුජන පෙරමුණේ නාමල් පාර්ශ්වයට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළකරමින් එක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යළිත් නාමල් පාර්ශ්වයට එක්වීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් නායකත්වය ලබාගෙන රාජ්‍ය අමාත්‍යවරයා මෙම පිල් මාරුව සිදුකිරීමට තීරණය ගෙන ඇත.
මෙම යළි සිදුකිරීමට යන පිල් මාරුව පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් හෙට (13) පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැත්වීමට නියමිත බවත් එහිදී තමන් පළමුව පක්ෂය අත් හැර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දීමට ගියේ, ධම්මික පෙරේරා ට පක්ෂ අපේක්ෂකත්වය දීම නිසා වුවත් මේ වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ පුත් නාමල් රාජපක්ෂ අපේක්ෂකත්වය ලබා ඇති බැවින් ඊට සහාය දෙන බවත් හෘද සාක්ෂිය එය බවත් පැවසීමට නියමිත බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
