ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ තීරණය කර ඇත.
ඒ බව ඇය අද (11) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සජබ නායක සජිත් ප්‍රේමදාස හමුවී සඳහන් කර තිබේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පසුගිය සමයේ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූයේ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර යාපා ගේ ප්‍රධානත්වයෙන් යුතු නව සන්ධානය සමඟ බවයි. එහෙත් පසුගිය සමයේ ඇය නිහඬ නිශ්ක්‍රීය ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත් අනතුරුව මෙම තීන්දුව ගෙන ඇති බවත් ඔවුන් පවසයි.
කීර්තිමත් දේශපාලනඥයකු වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජණය කළ අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගේ බිරිඳ වන ඇය නියෝජ්‍ය අමාත්‍ය ධුර රැසක්ම දරා ඇති අතර පසුගිය රජය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේද කටයුතු කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
