Language Switcher

V2025

සෝමාවතිය ජාතික උද්‍යානය,නීතිය සහ ගවයින් !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
සෝමාවතිය ජාතික උද්‍යානය තුලට ගවයින් ඇතුලු කිරීමට ඉඩ ලබා ගැනීම පිනිස වනජීවී රාජ්‍ය අමාත්‍යතුමා දරන උත්සාහය සහ නීතිමය තත්වය පැහැදිලි කරන වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නීතිය නොතකා ක්‍රියාකිරීමට කරන ප්‍රකාශයත් මාධ්‍යයන් මගින් දැකගත හැකිවිය​.
 
වනජීවීන් සහ ආරක්ශිත ප්‍රදේශ ඉදිරි පරපුර උදෙසා ආරක්ෂා කරදීමට ඇපකැපවී ක්‍රියා කලයුතු වනජීවී රාජ්‍ය අමාත්‍යතුමා ඊට ඉඳුරාම පටහැනි ආකාරයකින් මෙන්ම​,නිලධාරීන්ට නීති විරෝධී කටයුතුවල නිරත වීමට බලපෑම් සිදු කිරීමත් විශේශයෙන්ම හෙලා දැකිය යුතු අතරම අභීතව තම යුතුකම් සහ වගකීම් ඉටුකල එම වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තු නිලධාරීන්ට අපගේ ගෞරවය​,ප්‍රශංශාව මෙන්ම සහයෝගයත් ලබාදිය යුතුවේ.
 
සෝමාවතිය ජාතික උදානය ප්‍රකාශයට පත්කර තිබෙන්නේ වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 2(1) වගන්තිය යටතේය​.එනම්,එහි තිබෙන්නේ රජයේ ඉඩම් පමනකි.එනිසාම එම භූමිය පිලිඹඳව කිසිඳු පුද්ගලික පාර්ශ්වයකට කිසිඳු අයිතිවාසිකමක් නොමැත​.
සෝමාවතිය ජාතික උදානය තුලට ඇතුලු වන්නන් ඒ සඳහා  වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 5 වන වගන්‍තිය අනුව අවසර ලබාගත යුතුය​.එම අවසරය ලබාගත හැක්කේ නැරඹීමට​,විනෝදාස්වාදය සඳහා සහ වනජීවීන් සහ පරිසරය අධ්‍යයනය සහ නිරීක්ශනය සඳහා පමනි.මේ නිසා ගවයන් දක්කාගෙන එන කිසිවෙකුටත් වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 5 වගන්තිය සහ අනෙකුත් වගන්ති අනුව ජාතික උද්‍යානයක් තුලට ඇතුලුවීමට අවසර නොමැත​.
 
FB IMG 1606550469105
 
එමෙන්ම වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 6 (2)(අ) වන වගන්තිය අනුව කිසිවෙකුටත් කිසිම සතෙක් ජාතික උද්‍යානයක් තුලට හඳුන්වාදීම​,නිදහස් කිරීම ,දිගේලි කිරීම හෝ මුදා හැරීම වරදවල් වේ.
නමුත්,වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 6 (3) වන වගන්තියේ තිබෙන ප්‍රතිපාදන​ විශේශයෙන්ම ගවයන් වැනි ගෘහාශ්‍රිත සතුන්ට විශේශිතය​.ඒ අනුව කිසිවෙකුටත් ජාතික උද්‍යානයක් තුලට ගෘහාශ්‍රිත සතුන් දක්කාගෙන යාම හෝ එබඳු සතෙකුට එවැනි භූමියක දඩාවතේ යාමට ඉඩදීම නොකල යුතුවේ.
 
වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 6  වන වගන්තිය යටතේ කරන සියලු වරදවල් සංඥේය වරදවල් මෙන්ම ඇපදිය නොහැකි වරදවල් ලෙස පනතේ 67ආ වගන්තියේ දක්වා තිබේ.
 
මේ අනුව වනජීවී රාජ්‍ය අමාත්‍යතුමා විසින් වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තුව වෙත කරනුයේ බරපතල වරදක් සඳහා ඉඩකඩ සලසා දෙන ලෙසය​.එය නීතිය රැකීමට බැඳී සිටින නිලධාරීන්ට නීති විරෝධී ක්‍රියාවන් සඳහා පෙලඹවීමත් නීති විරෝධී වේ.
 
දේශපාලඥයන් කියන්නාවූ නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන නිලධාරීන් පත්වන තත්වයත්,එවන් විටකදී ඔවුනට නීතිවිරෝධී දේ කරන ලෙස ඉල්ලීම් කල දේශපාලඥයන් එම නිලධාරීන් අතරමංකර අමාරුවේ වැටීමට ඉඩහැර බලා සිටින බව විල්පත්තු නඩුවෙන් පසක් වූයේ පසුගිය සතියේදීය​.
 
මේ සියල කරුනු අනුව කිව යුත්තේ වනජීවී සංරක්ශන දෙපාර්තුමේන්තු නිලධාරීන් තම යුතුකම සහ වගකීමත් රාජ්‍ය අමාත්‍යතුමා ඉදිරියේදී ප්‍රශංශනීය ලෙස ඊතු කල බවත්,අප සියලු දෙනාගේ සහයෝගය සහ ශක්තිය මා අවස්ථාවේ වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තුව වෙත ලබාදීම අත්‍යාවශ්‍ය වන බවත්‍ වේ.
 
පරිසරවේදී  නීතීඥ  ජගත් ගුණවර්ධන 
 
FB IMG 1606550472018