Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය දෙරටේ හමුදා ප්‍රධානීන්ගේ නිරීක්ෂණයට

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසැලලේදී අද (15) උදෑසන පැවැත්වූ ඉන්දීය ශ්‍රීලංකා යුද හමුදා ඒකාබද්ධ 'මිත්‍රශක්ති' යුද අභ්‍යාසයේ අවසන් අභ්‍යාසය නැරඹීම සඳහා ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සහ ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි වූහ.

පුරා සති දෙකක කාලයක් පැවැත්වූ මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සඳහා ඉන්දීය යුද හමුදා භටයින් 120 දෙනෙකු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් 120 ක භටපිරිසක් සහභාගී වූහ.