එක්සත් ජාතික පක්ෂයේ සියලුම පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් වෙත එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් අනතුරු ඇගවීමක් කරමින් ඊයේ (11) ලිපියක් යොමුකර ඇත.
ඒ හරහා මහලේකම්වරයා පෙන්වා දී ඇත්තේ එළඹෙන මහමැතිවරණයේදී පක්ෂය අලියා ලකුණ යටතේ තරග වැදීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවත්, පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් පක්ෂ ව්‍යවස්ථාවේ 3:3 වගන්තියට අනුව එම තීන්දු පිළිගැනීමට බැදී සිටින බවත්ය.
සියලු දෙනාම එසේ කරනු ඇති බවට පක්ෂය විශ්වාස කරනු ඇති බවත්, එසේ වුවහොත් පක්ෂ ව්‍යවස්ථාවේ 3:4 වගන්ති ප්‍රකාරව කටයුතු කිරීමට සිදු නොවනු ඇති බවත් එම ලිපිය මගින් මහ ලේකම්වරයා අවධාරණය කර ඇත.
එම ලිපිය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
