මුලතිව් මාන්කුලම් රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් සකස් කිරීමට බිම සකස් කිරීමේදී අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබේ.
වාට්ටු සංකිර්ණය ඉදිකිරීමට බිම් සකස් කිරීමට යාමේදී 11 අඟහරුවාදා හමුවී ඇත්තේ මිනිස් අස්ථි කොටස් බවට ප්‍රදේශවාසීහු සැක කරති. එසේම මේ ස්ථානය සමුහ මිනීවලක් විය හැකි බවටද මත ඉදිරිපත් වෙමින් ඇත.
අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය මගින් මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කොට තිබු අතර ඊයේ (12) දිනයේ අදාළ ස්ථානය ස්ථානය පරීක්ෂා කිරීම මුලතිව් මහේස්ත්‍රාත්වරයා පැමිණියේය.
බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන්, පුරාවිද්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහභාගි කරවාගෙන අද (13 බ්‍රහස්පතින්දා) සිට එම ස්ථානයේ කැණිම් සිදු කරන ලෙසට මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් නියෝග කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
