අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරුණු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් එය ප්‍රතික්ෂේප කරන ලදුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර තිබුණේ, ඔවුන් දෙදෙනා බ්‍රහස්පතින්දා (පෙබ: 06) පෙරවරුවේ සිය නීතිඥයෙකු හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බවත් ඉන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය එහිදී කියා සිටියේය.
කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් රංග දිසනායක වරෙන්තුවක් නිකුත් කළේ, පසුගිය සඳුදා (පෙබ: 03) දිනයේය.
ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් සමාගමේ යානා 10 ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගෙන එය ඔස්ට්‍රේලියාවේ බැංකු ගිණුමක් හරහා විශුද්ධිකරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළව එලෙස වරෙන්තු නිකුත් කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබිණි.
මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන චෝදනා යටතේ කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබිණි.
කපිල චන්ද්‍රසේන සහ බිරිඳට එරහිව ඇති චෝදනා මොනවාද?
කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 14363/19 අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙතෙක් සිදුකළ විමර්ශනවලින් සනාථ වී ඇති කරුණු:
(බීබීසී)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
