Language Switcher

V2025

ආගමන විගමන වැඩත් චීන සමාගමකට

ශ්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයන්ට විද්‍යුත් ගමන් අවසර ලබාදීමේ ක්‍රියාවලිය ආගමන විගමන දෙපාර්තුමේන්තු ක්‍රියාවලියෙන් ඉවත් කර චීනයේ පෞද්ගලික සමාගමකට ලබාදීමට ජනවාරි 22 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව විද්‍යුත් ගමන් අවසර ලබාදීම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් කිරීම මෙම තීරණයට හේතුවී ඇති අතර ඒ අනුව චීන සංචාරකයන්ගේ එම කටයුතු චීනයේ ෂැංහයිනි පිහිටි ට්‍රැවල්සන් ඉන්ටර්නැෂනල් ට්‍රැවල් සර්විස් ( ෂැංහයි ) සමාගමට ලබාදී ඇත. ඒ අනුව එම සමාගම එකී කටයුතු කම්බන්ධයෙන් පෞද්ගලික නියෝජිතායතනයක් ලෙස කටයුතු කරනු ඇත.

මේ පිළිබඳව කැබිනට් මණ්ඩල යෝජනාව අමාත්‍ය චමල් රාජපක්ෂ ඉදිරිපත් කර ඇත.

අනිද්දා