තමන් ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කය සඳහා තරගවදින බව සිනමා නළු අර්ජුන කමලනාත් ඊයේ (19) ප්‍රකාශ කර ඇත.
ඒ අම්බලන්ගොඩ පැවති ජනහමුවකදී "ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මැතිතුමාගේ ආරාධනයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට මම ඉදිරිපත් වෙනවා” යනුවෙන් පවසමින්ය.
උගතුන් බුද්ධිමතුන් එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා ඉදිරිපත් කරන බව ජනපති නන්දසේනගේ වියත්මග සංවිධානය මීට පෙර ප්‍රකාශ කර තිබුනි.
නමුත් මේ වන විට ඒ සියළු ප්‍රකාශ අහෝසි වෙමින් ඇති අතර ඒවා කියූ කතාවලට සීමාවී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
