Language Switcher

V2025

''මේක පොහොට්ටුවේ තනි ආණ්ඩුක්'' - මහින්දගේ හිටපු ලේකම් කියයි

වර්තමාන ආණ්ඩුවට උප්පැන්න සහතික දීමට සිල්ලර පක්ෂවලට අයිතියක් නැති බව මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හපුතලේ පොදුජන පෙරමුණ සංවිධායක උදිත් ලොකුබණ්ඩාර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී පැවති ජන හමුවකදීය.

දැන් පිහිටුවා ඇත්තේ පොහොට්ටුවේ තනි ආණ්ඩුවක් බවද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා සිල්ලර පක්ෂ කිහිපයක් එකතු වී පොහොට්ටුවට ශක්තිය ලබාදුන් නමුත්, පොහොට්ටුව එම කිසිම පක්‍ෂයකට ණය නැති බවද ඔහු පැවසීය. පොහොට්ටුවේ ජයග්‍රහණයට එම පක්ෂ විසින් ජැක් පමණක් ගසා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

(ලංකා සී නිව්ස්)