ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය මුල්ම නිල විදේශ සංචාරය ලෙස අද (28) ඉන්දියාව බලා පිටත් වෙන බව වාර්තා වෙයි.ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවත් පරිදි මෙම දෙදින නිල සංචාරය යොදාගෙන ඇත.
මෙම සංචාරය සදහා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් සජිත් ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ඇතුළු සුළු පිරිසක් පමණක් එක්වෙන බවත් දැනගන්නට තිබේ.
මෙම සංචාරයට එක්ව සිටින්නේ රාජ්‍ය නිලධාරීන් පමණක් වන අතර කිසිදු ඇමතිවරයෙක් සම්බන්ධ වී නැති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
