ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවලදී ඇමරිකාව ඊට ඈඳා නොගන්නා ලෙස පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් දන්වා ඇති බව වාර්තා වෙයි.
ඇමරිකානු විරෝධයක් දැක්වීම ජනාධිපති මැතිවරණය සඳහා වාසියක් බව සිතනවා නම් එය පොකට් මීටිං සඳහා යොදාගත යුතු බවත් ඒ හැර ඇමරිකානු විරෝධීබවක් ප්‍රසිද්ධ වේදිකාවේ හෝ වීදි උද්ඝෝෂණ සඳහා යොදා ගැනීම තමන්ටත් හානි ගෙන දෙන්නක් බවත් එහිදී ඔහු දන්වා ඇතැයි ද වාර්තා වෙයි.
ගෝඨාභය රාජපක්ෂ මේ දැනුම්දීම සිදුකර ඇත්තේ ඇමෙරිකාව හා අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමේ වළකින ලෙස රජයට බල කිීරීමේ විරෝධතාව සම්බන්ධව අදහස් දක්වමින්ය.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති එම උද්ඝෝෂණය මව්බිමේ සුරක්ෂිතතාව උදෙසා සංවිධානය නමින් දියත් කර තිබූ අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු කිහිපදෙනකු පැමිණ ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
