නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ කටයුතු කරමින් අයථා ලෙස රුපියල් මිලියන 15ක මුදලක් උපයා ගත් බවට වන නඩුව සඳහා තවමත් නීතිපති උපදෙස් ලැබී නොමැති බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත බ්‍රහස්පතින්දා (24) දැනුම් දුන්නේය.
ඒ අනුව තුන්වෙනි වතාවටත් නීතිපති දෙපාර්තමේන්තුවට සිහිකැඳවීම යැවීමට අධිකරණය නියෝග කළේය.
මීට පෙරද දෙවතාවක් මෙසේ සිහිකැඳවීම් යොමු කර ඇති අතර මෙම නඩුවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමතරව තවත් තිදෙනෙක් චූදියන් ලෙස නම් කර තිබේ.
(රාවය)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
