නව ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ සහ සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පත්කර තිබේ.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය තෙක් සජිත් පේ‍්‍රමදාස මහතා නිල මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කිරීම මෙම අමාත්‍යවරුන් හරහා සිදුවන බව වෝක්ෂෝල් වීදියේ පිහිටි සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ ආරංචිමාර්ග තහවුරු කර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
