ගෝඨාභය රාජපක්ෂ යනු වාද විවාද - සංවාද කිරීමට කිසිසේත් සූදානම් නැති අයෙකු බව යළිත් තහවුරුව ඇත.
ඒ ඊයේ (15) පොදුජන පෙරමුණ නායකයන් සියලුදෙනා එකට සිට පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදීය.
එහිදී මාධ්‍යවේදියකු ගෝඨාභය රාජපක්ෂ වෙතින් විමසා සිටියේ ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනා එකම වේදිකාවක සිට සිය ප්‍රතිපත්ති පැහැදිළි කිරීමේ සහ ප්‍රශ්න කිරීමේ අවස්ථාවට සහභාගී නොවීම ගැනය.
ඊට ප්‍රතිචාර දක්වමින් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර සිටියේ විරුද්ධවාදීන් දහයක් පමණ සිටින තැනක් නිසා තමන් ඊට සහභාගී නොවූ බවය. එසේම එවැන්නක් ඵලදායි වෙතැයි තමන් නොසිතන බවත් ඔහු පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
