මෛත්‍රී නැත්නම් එජාපය අනාථයි ! බුකිය කළඹන වීඩියෝවක් !

මෛත්‍රී නැත්නම් එජාපය අනාථයි ! බුකිය කළඹන වීඩියෝවක් !

මෙවර පළාත් පාලන මැතිවරණ සටනේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දායකත්වය නොවන්නට එක්සත් ජාතික පක්ෂය නන්නත්තාර වීමට බොහෝදුරට ඉඩතිබු බව එජාප තරුණ මන්ත්‍රීවරයකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

පසුගිය වසර තුනක යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් ලැබුනාවූ 'කුඩම්මාගේ සැලකිලි' සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව සිටි එජාප ක්‍රියාකාරීන්ට හා හිතවතුන්, ජනාධිපතිවරයා පසුගිය සති කිහිපයේ එජාප නායකත්වය හා එජාපය ඉලක්කකර ගනිමින් කල ප්‍රකාශ වලින් ආවේගයට පත්ව යළි පක්ෂය දිනවීමට සක්‍රියව මැදිහත්ව සිටින බව ඔහු කියා සිටියේය.

මෙම මැතිවරණයේදී එජාප හිතවතුන් ඡන්ද පොලට ගෙනයාමේ බරපතල අර්බුදයක් පැවතියද ජනාධිපතිවරයාගේ අවේගාත්මක ප්‍රකාශ තුලින් මෙසේ ඊට විසඳුමක් ලැබුන බවද හෙතෙම සඳහන් කළේය.

මැතිවරණයට අදාලව එජාප මාධ්‍ය අංශය හා ප්‍රචාරක කටයුතු මුළුමනින්ම පාහේ අඩාලව පවතින මොහොතක  ජනාධිපතිවරයාගේ දායකත්වය ඉහලින්ම අගයකල යුතු බවද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

 බුකිය කළඹන වීඩියෝවක් ! - ජනාධිපති-අගමැති රණ්ඩුවට සම කරයි

 ආණ්ඩුව කරවන ප්‍රධාන පාර්ශවයන් දෙක මෙවර වෙන වෙනම මැතිවරණයට ඉදිරිපත් වී සිටිය ද ජනතාව ඉදිරිපිට හතුරන් මෙන් ඇන කොටා ගනිමින් ඉතා සූක්ෂම ලෙස තම තමන්ගේ අභිප්‍රායන් ඉටු කර ගනිමින් සිටිති.

මේ බැව් හැගෙන විනෝදාත්මක ජවනිකා සහිත එකල ජනප්‍රිය විකට නලුවකු වන ඩී ආර් නානයක්කාර රගපෑ චිත්‍රපටයක කොටසක් මෛත්‍රී-රනිල් ගැටුම ලෙස හුවා දක්වමින් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න