'පලිහේනගේ වාර්තාව මන්ත්‍රීවරුන් නොමග යැවීමට සැකසුවක්' ; පාඩුව රු. බිලියන 26 යි.

'පලිහේනගේ වාර්තාව මන්ත්‍රීවරුන් නොමග යැවීමට සැකසුවක්' ; පාඩුව රු. බිලියන 26 යි.

දැඩි මතභේදයට තුඩුදී තිබෙන 'මහබැංකු බැඳුම්කර සිද්ධියේ' සැකකරුවකු ලෙස අධිකරණය විසින් නම්කර ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කසුන් පළිසේන මහතා ඔහුගේ බේරුම සඳහා සැකසු වාර්තාව අනුව ගණුදෙනු 7 කින් සේවක අර්ථසාධකයට පමණක් රු. බිලියන 26 ක පාඩුවක් සිදුව ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

කීර්ති තෙන්නකෝන් මහතා එබව කියා සිටියේ අද (04) දහවල් පැවති පුවත්පත් සාකච්ඡාවක දීයි.

බෑනා ගේ සමාගමේ විධායක අධ්‍යක්ෂ පලිසේන විසින් හෙළි කළ තොරතුරු අනුව එම සමාගම විසින් ගණුදෙනු 7 ක් තුලින් සේවක අර්ථසාධක අරමුදලට රු. බිලියන 26 ක පාඩුවක් සිදු කර ඇතැයි දැන් හෙළිවන බව කීර්ති තෙන්නකෝන් මහතා එහිදී පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

පට්ටපල් බොරුවක් :

''කොමිසම හමුවේ හෙළි වූ ලෙස කසුන් පළිසේන ගේ බෝසන් එක රුපියල් මිලියන 10 කි. ඔහු කොමිසමට බොරු කිව්වේ, සේවක අර්ථසාධක අරමුදලේ නිලධාරීන්ට අල්ලස් දුන්නේ, දුරකතන සංවාද මැකුවේ, පරිගණක දත්ත මකා දැමුවේ ආණ්ඩුවට ලාබ කරන්නට යැයි කසුන් පළිහේන විසින් වාර්තාවක් ලියා ඇත.

ඒ පෙබ. 6 දින පාර්ලිමේන්තු විවාදයට බැදුම්කර වංචාවක් සිදු නොවූ බව කියන්නටය. ඔහුගේ මේ කථාව පට්ටපල් බොරුවක් බව අද හෙළි වී ඇත.

පලිසේන විසින් සකස් කළ ව්‍යාජ වාර්තාවේ පර්පචුවල් සමාගම බැදුම්කර මිලදී ගත් හා විකුණු මුදල සදහන් නොවේ.

අපි ඒ අංක අනුව යමින් මෙම බැදුම්කර මිලදී ගත් මුදල හා විකුණු මුදල සොයා ගනු ලැබීවා. ඒ අනුව, සේවක අර්ථ සාධක අරමුදල විසින් සිදු කළ ගණුදෙනු 7 ක් මගින් පමණක් මේ රටේ වැඩකරන ජනතාවට රු. බිලියන 26 ක්.

පලිසේන විසින් සැකසූ ව්‍යාජ වාර්තාවේ දැක්වෙන්නේ LKB 02035 C155 අංකය යටතේ සිදු වූ ගණුදෙනුව මගින් සේවක අර්ථ සාධක අරමුදලට ලභායක් ලැබී ඇති බවයි. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමග යැවීමට සකස් කර ඇති මෙම ලේඛනය පට්ටපල් බොරුවකි.

පලිසේන රු. 100 කට ඉලක්කම් දක්වා ඇති නමුත් එහි බැදුම්කර 6100 ක් මිලදී ගෙන ඇත්තේ රු. 73 ක මුදලකට ය. ඒ සදහා පර්පචුවල් සමාගම රු. මිලියන 4453 ක් ගෙවා ඇත.

රු. 73 කට ගත් බැදුම්කරය සතියක් තුල රු. 116 ට එනම් රු. 43 ක ලාභයක් ඇතිව සේවක අර්ථ සාධක අරමුදලට විකුණා ඇත. අංක LKB 02035 C155 ගණුදෙනුව මගින් පමණක් පලිසේන ගේ සමාගම ලබා ඇති ලාභය රු. මිලියන 2669 කි.

'සැබෑ පාඩුව බිලියන 11.4 ක් නොව ඊටත් වඩා විශාලයි'

කසුන් පලිසේන සිය වාර්තාවෙන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියන්නේ බැදුම්කර රු. 100 බැගින් ගත් බවකි.

සත්‍ය නම් එම ගණුදෙනු 7 හි ISIN අංක මේ සමග ඇත. මේ ගනුදෙනු 7 සදහා පර්පචුවල් සමාගය වැය කළ මුදල රු. මිලියන 52826 කි.

දින 4-5 ක් තුල ඔවුන් එය සේවක අර්ථ සාධක අරමුදලට විකුණා ලැබූ ලාභය රු. මිලියන 79146 කි. ඒ අනුව, මේ ගනුදෙනු 7 න් පමණක් බෑනා ගේ සමාගම ලැබූ ලාභය බිලියන 26 කි.

එයින් ගම්‍ය වන්නේ මෙම වංචාවේ සැබෑ පාඩුව විගණකාධිපති හෙළි කළ අයුරින් බිලයන 12 ක් හෝ කොමිසම හෙළි කළ අන්දමින් බිලියන 11.4 ක් නොවන බව එයට වඩා විශාල බවයි. ''

මෙම මාධ්‍ය හමුවට රුසිරිපාල තෙන්නකෝන් මහතාද එක්ව සිටියේය.

හෙට දිනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය විසින් මේ පිළිබද සවිස්තර වාර්තාවක් නිකුත් කරන බව ද රැසිරිපාල මහතා එහිදී පැවසිය.

කසුන් පළිහේන වාර්තාව

සබැඳි පුවත් 

බැඳුම්කරය නිසා රාජ්‍ය ආයතන රුපියල් බිලියන 25ක් ලාභ ලැබුවා : ඇලෝසියස්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න