රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවීම එජාපයට එක්වූ දා සිට තමාගේ එකම බලාපොරොත්තුව හා ප්‍රාර්ථනය වුවද, ''ප්‍රාර්ථනය එක දෙයක් තිත්ත ඇත්ත තවත් දෙයක්'' බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. ttvnews.lkවෙබ් අඩවිය සමග පැවති සාකච්ජාවක දී ඇමතිවරයා එබව සඳහන් කර ඇත.
''ඔබගේ ප්‍රාර්ථනය 2020 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩිකරවීම බව ඔබ මිට පෙර පවසා තිබුනා. ඇයි දැන් ඒ තීරණය වෙනස් වෙලා ද ?'' එම වෙබ් අඩවියේ කර්තෘ දිලිනි සමන්මලී කල විමසීමකදී ඇමතිවරයා මෙසේ කරුණු විග්‍රහ කර ඇත.
''එක්සත් ජාතික පක්ෂයත් සමග මගේ දේශපාලන ගමන ආරම්භ කරපු දිනයේ සිටම රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිවෙනවා දකින්නට මට විශාල ප්‍රාර්ථනාවක් තිබුනා ඒක ඇත්ත. ඒවගේම අදත් ඇත්ත වශයෙන්ම කියනවා නම් එතුමා මේ රටේ ජනාධිපතිවෙනවා නම් අන් සියල්ලට වඩා සතුටු වෙන්නේ මම.
මොකද රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ අද අපේ දේශපාලන පිටියේ සිටින බුද්ධිමත්ම දේශපාලඥයා හැටියට මම බය නැතුව කියනවා. ඒ විතරක් නෙවෙයි එතුමාට රට ගැන නියමාකාර දර්ශනයක් තියෙනවා. රට දියුණු කරන්නට විශාල උවමනාවක් තියෙනවා. ඒවගේම එතුමාගේ ආර්ථික දර්ශනය, එතුමාගේ විදේශ ප්‍රතිපත්තිය, එතුමාගේ සමාජ අගැයීම්. සෝෂල්ස් වැලියුස් පවා මමත් අගය කරන ඇගයීම් සහ දර්ශනයක් හැටියටයි මම දකින්නේ. 
පසුගිය වසර 30 තුලදී දේශපාලනයේදී මම ඉගනගත්ත දෙයක් තමයි ප්‍රාර්ථනාව කියන්නේ එක දෙයක්, තිත්ත ඇත්ත කියන්නේ තව දෙයක්. විශේෂයෙන්ම මට වුණත් මේ රටේ ජනාධිපතිවෙන්නට ඕනතරම් සිහින තිබුණා. තියනවා. මම හිතනවා අන් සියල්ලට වඩා හොඳ ජනාධිපතිවරයෙක් මේ රටේ මට වෙන්න පුළුවන් කියලා. නමුත් මම කොයිතරම් හිතුවත් මගේ මිත්‍රයන් මා වෙනුවෙන් කොයිතරම් ජනාධිපති වෙයි කියලා ප්‍රාර්ථනා කරත් මේ රටේ ජනාධිපතිවරණයක් දිනන්න තරම් ඡන්ද මට ගන්නට බැහැ.
ඇත්තවශයෙන්ම තිත්ත ඇත්ත තමයි රනිල් වික්‍රමසිංහ මහතා ඉතාමත්ම විශිෂ්ඨ දේශපාලඥයෙක් වුණත්, 2020 මැතිවරණයේදී එතුමාට දිනන්නට බැහැ. මේක මම කියන්නේ නිකන් ආවට ගියාවට නෙවෙයි. විශේෂයෙන්ම පසුගිය කාලේ අපි දන්නවා හැම මැතිවරණයකදීම අපි සමීක්ෂණ කරනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාටම සමීක්ෂණ කරන ඒ සමාගම මේ වෙනකොටත් කරන ලද සමීක්ෂණ අනුව පැහැදිළිවම අපට පේනවා තියෙන තත්වය මොකක්ද කියලා.
ඇත්තවශයෙන්ම අගෝස්තු 07 වැනිදා කරන ලද සමීක්ෂණයෙන් පෙන්නනවා ගෝඨාභය රාජපක්ෂ මහතා සමග රනිල් වික්‍රමසිංහ මහතා තරඟ කරොත් එතුමාට ලැබෙන්නේ 17% ක ඡන්ද ප්‍රමාණයක් විතරයි කියලා. ඇත්තවශයෙන්ම ඒක විශාල පරතරයක්. ඡන්දයකදී සියයට පහක් දහයක් ඉස්සරහින් පස්සෙන් ඉන්නවා නම් හොඳ ඡන්ද ව්‍යාපාරයකින් ඒ ඡන්දය ජයග්‍රහණය කරන්න පුළුවන්. නමුත් මේ පරතරය වැඩියි.
අනික් පැත්තෙන් සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා වෙනවා නම් ජයග්‍රහණය අපේ අතේ. සජිත් ප්‍රේමදාස මහත්මයාට මේ සමීක්ෂණය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව 36% ක් ගන්න පුළුවන්.
සමීක්ෂණ වාර්තා අනුව සජිත් ඉදිරියෙන් :


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
