රවී ස්වකැමැත්තෙන් අත්අඩංගුවට: 'එජාප- ශ්‍රීලනිප රංගනයක්' - බන්දුල

රවී ස්වකැමැත්තෙන් අත්අඩංගුවට: 'එජාප- ශ්‍රීලනිප රංගනයක්' - බන්දුල

මෙවර පළාත් පාළන මැතිවරණයේ අවසන් දින කිහිපයේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට පත්ව ආණ්ඩුව මැතිවරණ වාසි ලබා ගැනීමේ සැලසුමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මැතිවරණය අවසන් වූ වහාම ඔහු නිදහස් කිරීමේ එකඟතාවය මත මෙම සැළසුම ක්‍රියාත්මක කරන බවද ඔහු කියා සිටියේය.

බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්යෙත් නායකයන් සහ යහපාලන රජය ගලවා ගැනීම සඳහා උපදෙස් දෙන සියලූම විද්වද් උපදේශකයනුත් එක්ව මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවල සකස් කර ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ උප නායක කමින් ඉවත් කිරීමට කටයුතු කිරීම එම සැළැස්මේ පළමු පියවර බවද හෙතෙම කීය.

 වීඩියෝ 

 

'ආණ්ඩුව සැරසෙන්නේ රවීව බිලිදීලා ගැලවෙන්න'

 මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසන්නේ, බැඳුම්කර ගනුදෙනුවේ පුර්ණ වගකීම රවී කරුණානායක මන්ත්‍රීවරයා මත පටවා ආණ්ඩුව ඇගහොද ඇනීමට උත්සහ කරන බවයි.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය රවී කරුණානායක මහතාව තනතුරුවලින් ඉවත්කර, බැඳුම්කර හොරුන්ට විරුද්ධව පියවර ගත් බවක් පෙන්වා ඡන්දය නොදා සිටීමට සිතාගෙන් සිටින එජාප පාක්ෂිකයන් ඡන්ද පොලට ගෙන්වා ගැනීමට උත්සහ කරමින් සිටින බවත් විරවංශ මහතා ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න