එජාපය ප්‍රමුඛ සන්ධානයේ තීරණාත්මක නායක හමුවක් හෙට (05) !

එජාපය ප්‍රමුඛ සන්ධානයේ තීරණාත්මක නායක හමුවක් හෙට (05) !

ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට (05) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිපදෙනකු , සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයන් මේ සඳහා සහභාගී වීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරණ අපේක්ෂකත්වය මෙන්ම යෝජිත සන්ධානයේ කටයුතු සම්බන්ධව තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි.

මේ වන විට යෝජිත සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය එක්සත් ජාතික පක්ෂය වෙත ලබාදීමට තීන්දු කර ඇත. එහෙත් එහි පවතින බෙදීමක් හේතුවෙන් ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව ඇත.

මේ අතර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදී සඳහන් කර ඇත්තේ අපේක්ෂකයා තෝරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් බවත් එම කටයුත්තට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුත් එකතුවීම ගැටලුවක් නොමැති බවත් ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තවත් මන්ත‍්‍රිවරු පිරිසක්ද අග‍්‍රාමාත්‍යවරයා සමග තවත් සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවටද මාධ්‍ය වාර්තා පළවෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න