අතුරුදහන් සහතිකයට : මසකට රුපියල් 6000ක් !

අතුරුදහන් සහතිකයට : මසකට රුපියල් 6000ක් !

අතුරුදන්වීම පිළිබඳ සහතිකය හිමි ප්‍රතිලාභීන් සඳහා 2019 ඔක්තෝබර් මස 10 දා සිට සෑම මසකම 10 වන දිනට සෘජු මුදල් තැන්පත් කිරීමක් මගින් රුපියල් 6000ක අතුරු සහනාධාරයක් ප්‍රධානය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එසේම අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තා සැලකිල්ලට ගෙන බලපෑමට ලක්වූ පවුල් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලුම්පත් සඳහා අතුරුදන්වීම පිළිබඳ සහතික ලබාදෙන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට නියෝග කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා වන එකාබද්ධ කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුු අමාත්‍ය මනෝ ගනේෂන් එක්ව ඉදිරිපත් කර තිබේ.

හොඳ වැඩක් : රාජ්‍ය වගවීම පෙන්වීමක් !

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරක මතය වන්නේ රුපියල් 6000ක මාසික දීමනාවක් හරහා අතුරුදහන් වූ ප්‍රියයන් සම්බන්ධව ඇති ඒ හැඟීම් සහ වින්දිතයන්ට යුක්තිය ඉටුවීමක් සිදුනොවුනත් මේ හරහා රාජ්‍ය සිය අතුරුදහන් වූ පුරවැසියන් වෙනුවෙන් වන වගවීම පෙන්නුම් කරන බවයි.

එහෙයින් අතුරුදහන් කිරීම ප්‍රතිපත්තියක් ලෙස ප්‍රතික්ෂේප කිරීමක්ද පෙන්නුම් කරන නමුත් අතුරුදහන් කරවීමට අදාල චූදිතයන් අධෛර්යමත් කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ද ඔවුන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න