කුරුණෑගල මන්ත්‍රී පුරප්පාඩුව සති දෙකෙන් පුරවන්න වෙයි !

කුරුණෑගල මන්ත්‍රී පුරප්පාඩුව සති දෙකෙන් පුරවන්න වෙයි !

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරප්පාඩු වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හිමි වන්නේ කාටද යන්න කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයා තවත් සති දෙකක පමණ කාලයක් ඇතුළත ප්‍රකාශ කළ යුතු යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයා මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ඇතත් එය ගැසට්ටුවක් මගින් ප්‍රකාශ කරන තුරු මන්ත්‍රී ධුරය හිමිවන්නේ කාටද යන්න මාධ්‍යට ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු පවසා තිබේ.

මැතිවරණ කොමිසම පසුගිය අගෝස්තු 12 වැනිදා රැස් වී පුරප්පාඩුවට පත්ව ඇති මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව කී හෙතෙම ඒ ගැන වහාම පියවරක් ගන්නැයි දන්වා 13 වැනිදා කුරුණෑගල තේරීම් භාර නිලධාරි හා දිස්ත්‍රික් ලේකම් ගාමිණි ඉලංගරත්න ට ලිඛිතව උපදෙස් දුන් බවත් සඳහන් කළේය.

නීතියට අනුව අදාළ ලිපිය ලද දින සිට මසක් ඇතුළත තීරණය දැනුම් දීමට තේරීම් භාර නිලධාරිවරයා කටයුතු කළ යුතු බවත් ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට ඔහුට කාලය ඇති බව ද දේශප්‍රිය මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිලධාරියකු පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91. ආ (4) අනුව්‍යවස්ථාව අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91. ආ (4) අනුව්‍යවස්ථාව මෙසේය.

‘පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුව සිටියදී, 70 වැනි ව්‍යවස්ථාවේ (7) වැනි අනුව්‍යවස්ථාවේ හෝ 155 වැනි ව්‍යවස්ථාවේ(4) වැනි අනුව්‍යවස්ථාවේ (I) වැනි ඡේදයේ දැක්වෙන අවස්ථාගත කරුණු යටතේ හැර, කවර වූ හෝ මැතිවරණ කොට්ඨාසයක් සඳහා තෝරා පත්කර ගනු ලැබීම පිණිෂ මන්ත්‍රීධූරාපේක්ෂකයකු වශයෙන් නාම යෝජනා කරනු ලැබ සිටී නම් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය’

සිරිසේනගේ ගේම් අවසන් !

තම දේශපාලන න්‍යාය පත්‍රය අනූව පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හැසිරවීමට ජනාධිපති සිරිසේන උත්සාහ කළ බවක් පසුගිය සමයේ පෙනෙන්නට තිබිණ.

ජාතික ලයිස්තුව යටතේ පාර්ලිමේන්තුව වෙත පැමිණි ශාන්ත බණ්ඩාර එයින් ඉල්ලා අස්වීමට කටයුතු කළේ ඒ අනූවය.

කෙසේ වුවත් මේ වන විට ඔහුට ඒ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාවක් නැත. ඒ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා හේරත් මන්ත්‍රීවරයා මනාප ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින නිසාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න