රනිල් ඉල්ලන්න දැඩි තීරණයක !

රනිල් ඉල්ලන්න දැඩි තීරණයක !

ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප පාර්ශවයේ අපේක්ෂකයා ලෙස තමාම ඉදිරිපත් විය යුතු බවට වූ දැඩි ස්ථාවරයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිටින බව අනිද්දා පුවත්පත වාර්තා කරයි.

රනිල් පාර්ශවයේ ප්‍රධානියකු උපුටා දක්වමින් එම පුවතේ දැක්වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය සහ පක්ෂ නායකකම බන්දේසියක තබා ලබා දී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට කිසිදු සූදානමක් නැති බවයි.

අදාල පුවතේ වැඩිදුරටත් මෙසේද සදහන් කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස සහ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත්කරමින් තරග කළ යුතු යැයි සජිත් පිළ යෝජනා ඉදිරිපත් කළත් සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවහොත් පක්ෂ ව්‍යවස්ථාව අනුව ඔහුට නිතරගයෙන්ම පක්ෂ නායකත්වය ලැබෙන බව ප්‍රකාශ කළ ඒ මහතා , එම තත්ත්වය තුළ සජිත් පාර්ශවයේ යෝජනාව විශ්වාස කළ නොහැකි බව ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වය අහිමි වුණහොත් ඔහු වටා සිටින බොහෝ දෙනෙකුටද පක්ෂ හැරදා යන්නට සිදුවෙනු ඇති බව ප්‍රකාශ කළ ඒ මහතා එම තත්ත්වය වළක්වා ගැනීමට තිබෙන එකම විසඳුම රනිල් ජනාධිපති , සජිත් අගමැති කියන මාදිලිය පමණක් බවද ප්‍රකාශ කළේය.

පසුගිය 25 වැනි දින සිවිල් සමාජ ප්‍රබලයකු සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේ පවත්වා ඇත.

එහිදී රනිල් වික්‍රමසිංහ විසින් සජිත් ප්‍රේමදාසව දැඩිව විවේචනය කර ඇති බවත් රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස් අනූව ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමක් හැඟීගිය බවත් සිවිල් සමාජ ප්‍රබලයා උපුටා දක්වමින් අනිද්දා පුවත්පත වාර්තා කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න