කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) සැප්තැම්බර් මස 17දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර නියෝග කළාය.
නගරාධිපතිවරයා මෝසමක් මඟින් අද (9) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
පිස්තෝලයක් පෙන්වා පුද්ගලයකු බිය ගන්වා මුදල් කොල්ලකෑවේ යැයි කියන සිදුවීමකට අදාළව ගොනුකර ඇති නඩුවක පළමුවන සැකකරු වන්නේ කුරුණෑගල නගරාධිපතිවරයයි.
පසුගිය 25 දා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදි ඔහු අධිකරණය හමුවේ පෙනී නොසීටීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබුණි. නගරාධිපතිවරයා මෝසමක් මගින් අද අධිකරණයට ඉදිරිපත් වූයේ ඒ අනූවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
