එළඹෙන නොවැම්බර් මාසයේදී ජනතාව විසින් තමන්ව ජනාධිපතිවරයා ලෙස තෝරාගන්නේ නම් එයින් මාස හයක් තුළ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වා තමන්ගේ ජාත්‍යන්තර හයිය පෙන්වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.
එවන් සමුළුවක් පවත්වා උතුරු නැගෙනහිර ජනතාවගේ කකුල් දෙක ළඟට සංවර්ධනය ගෙන එන බවත් අමාත්‍යවරයා පැවසීය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) මන්නාරම ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
"හිතාදර මිත්‍රවරුනි, මේ රටේ ජනතාව නොවැම්බර් මාසෙදි අනාගත තීන්දුව ගන්නකොට නිවැරදි තීන්දුව අරගෙන සජිත් ප්‍රේමදාසගේ දෑත් ශක්තිමත් කළොත් මම පොරොන්දු වෙනවා මාස 6ක් ඇතුළත ජාත්‍යන්තර ආධාරක සමුළුවක් මේ රටේ පවත්වලා උතුරු නැගෙනහිර බලප්‍රදේශයේ යුද්ධය නිසා විනාශ වුණු ගම් නියම්ගම් සිසාරා අපි ඔබලාගේ කකුල් දෙක ළඟට සංවර්ධනය ගෙන එනවා.
මම අනිවාර්යයෙන්ම මගේ ජාත්‍යන්තර හයිය පෙන්වනවා. මම ඔබලාට කියන්නෙ ඔබලාගෙත් නූපන් දරුපරපුරෙත් අනාගතය සජිත් ප්‍රේමදාසට භාර දෙන්න"
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
