කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කරන බව කථානායක කරු ජයසූරිය මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අනුව මෙම කාරක සභාව හෙට සිට මාධ්‍යයට විවෘත වෙයි.
මෙහිදී මාධ්‍ය වගකීමෙන් කටයුතු කරනු ඇති බවට විශ්වාසය තබන බව කථානායකවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ තවත් ඉදිරි පියවරක් ලෙස ගැනෙන මෙම තීරණයට පදනම වැටුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ කාරක සභාව මාධ්‍යයට විවෘත කිරීමත් සමඟය.
කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කිරීම ගැන අගය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ඉල්ලා සිටියේ ආංශික අධීක්ෂණ කාරක සභාත් මාධ්‍යයට විවෘත කරන ලෙසය.
කථානායක කරු ජයසූරිය මහතාගේ මූලික මැදිහත්වීමෙන් වත්මන් ආණ්ඩුව ගෙනා තොරතුරු දැන ගැනීමේ පනත ප්‍රකාරව මෙම අවස්ථා හිමිව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
