කුරුණෑගල දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ කොට්ඨාසබාර පොලිස් අධිකාරී මහින්ද දිසානායකගේ ස්ථානමාරුවී අවලංගු කිරීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිෂන් සභා ආරංචි මාර්ග සදහන් කරයි.
වාර්තා වන ආකාරයට මෙම ස්ථාන මාරුවීම් වලින් ප්‍රදේශයේ කලහකාරී තත්ත්වයක් ඇති වේ යැයි යන සැකය මත මෙම තීරණය ගෙන තිබේ.
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ත්‍රිකුණාමල දිසාවබාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මහින්ද දිසානායක කිලිනෝච්චි කොට්ඨාසභාර නිලධාරියා ලෙසත් ස්ථාන මාරු කිරීමට අනුමැතිය ලබා දී තිබු අතර පසුව මේ අයුරින් එය වෙනස් වී තිබේ.
මෙම නිලධාරීන් කුරුණෑගල ප්‍රදේශයේ සිටීමෙන් ,කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධ විමර්ශනයට බාධා ඇති වේ යැයි පවසමින් වැඩබලන පොලිස්පතිවරයා විසින් පසුගිය 27 වැනිදා කළ ඉල්ලීමක් අනුව මෙම ස්ථාන මාරුවීම් ලබා දීමට තීරණය කර තිබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
