ගෝඨා අත්අඩංගුවට නොගත් හේතුව ? - ජනපති කියයි (වීඩියෝ)

ගෝඨා අත්අඩංගුවට නොගත් හේතුව ? - ජනපති කියයි (වීඩියෝ)

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට නොගත් හේතුව ජනාධිපතිවරයා ඊයේ පැහැදිලි කළේය.

ජනාධිපතිවරයා එම පැහැදිලි කිරීම කළේ ඊයේ (26 දා) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවූ අවස්‌ථාවේදීය.

ගෝඨාභය රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට නොගැනීමට යම් යම් හේතු තිබෙනවාදැයි මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට ජනපතිවරයා පිළිතුරු දුන්නේ මෙසේය.

 ''ගෝඨාභය රාජපක්‌ෂ පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ගොනුව පොලිස්‌පතිවරයාට ලැබී තිබුණා. ඔහු මට ඒ බව දැන්වුවා. ගෝඨාභය රාජපක්‌ෂ පමණක්‌ නොවෙයි වෙනත් ඕනෑම දේශපාලන චරිතයකට එරෙහිව නඩු පැවරීමේදී වඩාත් හොඳින් සොයාබැලිය යුතු බව මා අගමැතිවරයාට දැනුම් දී තිබෙනවා.

ගෝඨාභය රාජපක්‌ෂ ගැන ලිපිගොනුව මට ලැබුණ දවසේ අගමැතිවරයා සිටියේ ඉන්දියාවේ. අගමැතිවරයා ඉන්දියාවට ගොස්‌ තිබුණේ එදින උදයේ මට ලිපිගොනුව ලැබුණු බව පොලිස්‌පතිවරයා දැනුම් දුන්නේ සවස.

අගමැතිවරයා ලංකාවට ආ පසු මා මේ බව ඔහුට දැනුම් දුන්නා. අදාළ ලිපිගොනුව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ලවා පරීක්‍ෂා කර ඒ පිළිබඳව තීරණයක්‌ ගතයුතු බව මා ප්‍රකාශ කළා.

ප්‍රතිඵල නැති අහක දාන නඩු පවරන්න එපා කියලයි මම උපදෙස්‌ දුන්නේ. එහෙම වුණොත් අපිට විශාල ප්‍රශ්නයක්‌.''

 වීඩියෝ 

කෙසේවුවද බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පසුගියදා ප්‍රසිද්ධ රැස්වීමකදී කියා සිටියේ, ගෝඨාභය රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා ජනාධිපතිවරයා ඔහුට විදේශ ගතවීමට උපදෙස් දුන් බවයි.

ගෝඨාභය රාජපක්‌ෂ මහතා පසුව එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න