පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට පෙර රටේ ගැටළු විසඳිය හැකි පුළුල් දේශපාලන සන්ධානයක්, එහි දේශපාලන, ආර්ථික, සමාජ වැඩපිළිවෙළ, සහ එය ක‍්‍රියාවට නංවන නායකත්ව මඩුල්ල රටට ප‍්‍රකාශ කළ යුතු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
එම වැඩපිළිවෙළ ඉදිරිපත් වූ පසු ඒ මත පොදු අපේක්‍ෂකයකු ගොඩනැගෙනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ බව පැවසුවේ ගාල්ල කොටුවේ, ‘ගෝල් දි ගොල්’ ශාලාවේ පැවැති ‘ජාතික මග’ ගාල්ල දිස්ත‍්‍රික් සමුළුවට එක් වෙමිනි.
රටේ අනාගත නායකයා තීරණය කරන්නේ දේශපාලන පක්‍ෂයක් නොව ලක්‍ෂ 50ක් වන කිසිම පක්‍ෂයකට නොබැදුණු මධ්‍යස්ථ ජනතාව බවද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.
ඒ නිසා එක එක පක්ෂවලින් අපේක්ෂකයින් ඉදිරිපත් කරනවාට වඩා වැදගත් වන්නේ එම ලක්ෂ 50 ට අවශ්‍ය වැඩපිළිවෙළක් හා ඒවා ක‍්‍රියාත්මක කරන්නේ කවුද යන්න තීරණය කිරීම බවත් ඔහු පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
