යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක තමාට සේවා දිගුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බවද වැඩිදුරටත් වාර්තා වේ.
මේ වනවිටත් යුද හමුදාපතිවරයා සේවා දිගුවක් මත ධූරය දරන අතර එම සේවා දිගුව අගෝස්තු 18වැනිදායින් අවසන් වේ.
යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී හෙවත් දෙවැනියා වශයෙන් කටයුතු කරන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද මේ වනවිට ජනාධිපතිවරයා ලබාදුන් සේවා දිගුවක් මත තනතුර දරන අතර ඔහුගේ සේවා දිගුව දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වේ.
සේවා දිගුව නොලැබුණේ නම් ඔහු පසුගිය ජූනි 21 වැනිදා වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබුණි. ජනාධිපතිවරයා මේ වන විට නාවික හමුදාපති ප්‍රියාල් ද සිල්වාටද වසරක සේවා දිගුවක් ලබා දී තිබේ.
(අනිද්දා)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
