එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කළ බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.
වත්මන් නායකයන්ගේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිනෙන් දිනම ජනතාවගෙන් ඈත්වෙමින් තිබෙන බව කී විජේරත්න හිටපු සභාපති මේ මොහොතේදී මහින්ද රාජපක්‍ෂගේ නායකත්වය ජනතාව අපේක්‍ෂා කරන බවද කීය.
ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනවීමට තමන් කැපවී ක‍්‍රියාකරන බවද ඔහු පැවැසීය.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ඉදිරියේ දී ශ්‍රිලනිප ක්‍රියාකාරීන් රැසක් ජනාධිපති සිරිසේනගේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් පොහොට්ටු පාර්ශවය සහ එක්සත් ජාතික පෙරමුණ වෙත එක්වීමට නියමිත බවත් දැනටමත් ඔවුන් ඒ සම්බන්ධව සාකච්ඡා සාර්ථකව සිදුකර ඇති බවත්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
