කලාශිල්පිනි ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්දට වහාම ජාතික රුපවාහිනියේ සභාපතිනි ධුරයෙන් ඉල්ලා අස්වන්නයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ලිඛිත දැනුම්දීමක් කර ඇති බව වාර්තා වෙයි.
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන විසින් රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය වෙත මේ ලිපිය යොමුකර ඇත්තේ ජූලි 4 වන අතර ඒ ඇයගේ සේවය සම්බන්ධයෙන් සැහීමකට පත්විය නොහැකි බව දැනුම්දෙමින්ය.
ජාතික රුපවාහිනියේ සභාපතිනිය ලෙස ඇයව පත්කරනු ලැබුවේ මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ලෙස කටයුතු කළ පසුගිය කාලයේදීය.
අනතුරුව ජනමාධ්‍ය විෂය රුවන් විජේවර්ධන වෙත පැවරීමත් සමග ඔහු විසින් එම තනතුරට අගමැති මාධ්‍ය අංශයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධනගේ නම යෝජනා කළ ද ජනාධිපතිවරයා එම නම ප්‍රතික්ෂේප කර තිබිණ.
රුවන් විජේවර්ධන විසින් අනතුරුව ප්‍රවීන මාධ්‍යවේදියකු වන ශාන් විජේතුංගගේ නම සභාපති තනතුරට යෝජනා කර තිබුන ද ජනාධිපතිවරයා එම නම ද ප්‍රතික්ෂේප කර ඉනෝකා තවදුරටත් සභාපතිනිය ලෙස තබා ගන්නා ලෙස ඇමතිවරයාට දැනුම් දී තිබිණ.
ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්දගේ පියා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කල අතර 88-89 භිෂණ සමයේදී නාදුනන තුවක්කුකරුවන් විසින් ඔහුව ඝාතනය කරනු ලැබිය.
රනිල් වික්‍රමසිංහ 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට අදාල රුපවාහිනී දැන්වීමක් නිෂ්පාදන කිරීම නිසා පොදු පෙරමුණු ආණ්ඩුව විසින් ඇයට නොයෙකුත් බාධාකිරීම් ද සිදුකර තිබිණ.
ඉනෝකාට සභාපතිකමින් ඉවත්වන්නැයි දැනුම්දුන් ලිපිය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
