මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දේශපාලනයේ දශක තුනක් අළලා රචිත 'මංගල සමරවීර' කෘතිය අද (07) සවස 3.00ට මාතර රුහුණ විශ්වවිද්‍යාලයේ රවින්ද්‍රනාත් තගොර් ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට කටයුතු යොදා ඇත.
ප්‍රවීන ග්‍රන්ථ රචකයකු වන නිහාල් ජගත්චන්ද්‍ර විසින් මංගල සමරවීරගේ දිවියේ රසුමුසු තැන් අලලා එම කෘතිය සම්පාදනය කර තිබේ.
මෙහිදී මුඛ්‍ය දේශනය සිදුකරනු ලබන්නේ ප්‍රවීන දේශපාලන විචාරකයකු හා මාධ්‍යවේදියකු වන වික්ටර් අයිවන් විසිනි.
'ශ්‍රී ලංකාවේ 30 වසරක දේශපාලනය' යන මැයෙන් එම දේශනය පැවැත්වේ.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතය.
මෙම අවස්ථාව තවත් දේශපාලන පෙරළියක ඇරඹුමක් ලෙස මේ වන විටත් දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමුව ඇත.
ඒ එළැඹෙන ජනාධිපතිවරණයේදී ජයග්‍රාහී අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා බවට මේ වන විටත් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර තිබීම නිසාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
