තමන් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
කුරුණෑගල පොලිසියේ අපරාධ කොට්ඨාස යේ පොලිස් පරීක්ෂක පුෂ්පලාල්, කුරුණෑගල පොලිස් ස්ථානාධිපති, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෂානි අබේසේකර, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
තමන් අයථා ලෙස දේපල උපයා ගෙන ඇතැයි චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වළක්වාලීමේ පනත යටතේ රැඳවුම් භාරයේ තබා ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ද වෛද්‍ය සාෆි සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.
ආබ්දීන් ඇසෝසියේටඩ් නීතීඥ සමාගමේ උපදෙස්මත ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා සමග හිජාස් හිස්බුල්ලා, හෆීස් ෆාරීස්, ෂිෆාන් මහරුෆ්, එන්.ජෙගදීෂ්වරන් යන නීතීඥවරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෂානි අබේසේකර, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
තමන් අයථා ලෙස දේපල උපයා ගෙන ඇතැයි චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වළක්වාලීමේ පනත යටතේ රැඳවුම් භාරයේ තබා ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ද වෛද්‍ය සාෆි සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.
ආබ්දීන් ඇසෝසියේටඩ් නීතීඥ සමාගමේ උපදෙස්මත ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා සමග හිජාස් හිස්බුල්ලා, හෆීස් ෆාරීස්, ෂිෆාන් මහරුෆ්, එන්.ජෙගදීෂ්වරන් යන නීතීඥවරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
